28 - සෙනෙහස

960 188 65
                                    

Black eyes season Two.....

මේ ලෝකේ ලස්සනම හදවත තියෙන්නේ කාට ද කියලා ඇහුවොත් මං කියන්නේ මගේ හිරූට කියලා.. මම හොඳටම දන්නවා එයා අපි එක්ක ආපු ලංකාවට යන්න එනවාමයි කියලා.. මොකද මගේ මැණිකට ඒ තරම් ලස්සන හදවතක් තියෙන්නේ..අනික ඒ මොනදේ උනත් එයාගේ අප්පච්චි... ඒ නිසා වාහනයෙන් බැහැලා අපි ලඟට එයා එනවා මම බලාගෙන හිටියේ බොඳවෙන ඇස්වලින්.. එතකොටම නෙතුම් කා එක ගන්න කෙනෙක් කතා කරගෙන තිබ්බා..  හිරූ ඇවිත් මගේ තුරුළට පැන්නේ ඒත් එක්කමයි...
මම එයාව මගේ අත්වලින් බදාගෙන මගේ ඇගට තද කරගත්තා...
නෙතුම් ඒ ජපන් කොල්ලට කී එක දුන්නම එයා අපි ඔක්කොමට ඔලුව නවලා ආචාර කරලා යන්න ගියා...
මගේ මැණික තාමත් මගේ උරහිසේ ඔලුව තියාගෙන අඩනවා....
මම එයාගේ ගොරෝසු කොණ්ඩේ අතරින් මගේ ඇඟිලි අරගෙන ගියා..

" අප්..පච්..චි..ට මුකුත් වෙයි ද අ..හ්...භී...?"

" නෑ මැණික.. අපි යමුකෝ හොඳද.. මගේ මැණික ගියාම අප්පච්චිට හොඳ වෙයි..."

ඒ ඇස් දෙක අස්සේ තෙරපෙන අසරණකම නිසා මම මගේ හිරූගේ අතින් තද කරලා අල්ල ගත්තා... Airport එක ඇතුලේ වැඩ සේරම නෙතුම් කරලා දෙද්දී මම මගේ හිරූ ගැන බැලුවා..
ඇත්තටම නෙතුම් අහම්බෙන් අපේ ජීවිතවලට එකතු උන වටිනාම යාලුවෙක්...  මගේ අයියා එක්ක යාලු උන එකට මම හදවතින්ම සතුටු උනේ ඒකයි...
අපි ටික වෙලාවකින් ෆ්ලයිට් එකට නැගගත්තා.. නැගපු ගමන් හිරූ කරේ මගේ උකුලෙන් ඔලුව තියාගත්ත එක..
මම එයාව පුළුවන් තරම් සැනසුවා.. ඒ වෙලාවේ අවශ්‍යම දේ උණුසුම...
දුකෙන් වේදනාවෙන් ඉන්න හදවතකට ඕනි එකම දේ සෙනෙහස උණුසුම රැකවරණයයි.. ඉතින් මගේ පැත්තෙන් මම මගේ හිරූ මැණිකට ඒ සේරම දෙන්න හිතාගත්තා.. මට මතකයි මම ලෙඩින් දුක් විදිනකොට ඒ ඇස්වල තිබුණ වේදනාව.. මට වඩා රිදුනේ මගේ හිරූට.. ඒ ආදරේ  මාව මේ ලෝකේ වාසනාවන්තම කෙනා කරා..
කාට ද පුළුවන් තමන්ගේ ආදර මැරිලා කියලා දැන් දැන ඒ මතකයන් වෙනුවෙන්ම ජීවත් වෙන්න.. වෙන කිසි කෙනෙක් ගැන හිතන්නෙවත් නැතුව..
මම දන්නවා එයා මගේ අයියා ගැන පිස්සු වැටුනා කියලා...
ඒත් ඒක කවදාවත් මට හිරූගේ කටින් අහන්න ඕනි උනේ නෑ... එයා මට ඒක කිව්වෙත් නෑ.. මම අදටත් ඒකට සතුටු වෙනවා..
සේරම මට කිව්වේ නෙතුම්....
මොකද අයියට හයියක් නෑ ඒක කියන්න....
මට ඊරිසියා ඇති උනේ නෑ කියන්න බෑ..  ඒත් හිරූගේ පපුව අස්සේ ඉන්නේ මං විතරයි කියලා මම දැනගත්තම ගොඩක් සතුටු උනා.. එයා මං ගැන උමතු උන තරමට අයියව දැක්කෙත් මං වගෙයි...
සේරම හිත හිතා මම මගේ මැණිකගේ හිස් මුදුනත හාදුවක් තිබ්බා.. මම දැක්කේ නෙතුම් අයියව දමාගෙන කිස් කරනවා... ආශ්............. මුං සීරියස් මූඩ් කනවනේ...
මට බකස් ගාලා හිනාවක් පැන්නා...
ටික ටික අපේ එකා නෙතුමගේ උකුල උඩට ඇදිලා යද්දී මම අත ලගටම තිබ්බ මැගසින් එකක් රෝල් කරලා අයියගේ ඔලුවට ෆෝකස්කරලා විසි කලා...

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now