18 - අලුත් බැඳීම්

967 207 48
                                    

Black Eyes Season Two.....

" දැන් ඔය මදැයි හිරූ.... ඇත්තටම මම ඔයාට වඩා ආදරේ මගේ මල්ලිට... ඒ නිසා මගේ මල්ලිව තනි නොකර එයා ලඟට ආපහු යන්න..."

" ඒත් යුගී බබා ඔයා එයාව මීට් වෙන්නේ නැද්ද..? එයා මල්ලිනේ..?"

" මොකෝ නැත්තේ යමං යන්න..  මේ දැන් මට බබා හුකුන් ගාන්න එපා..දැන් මම අයියා.. ඒ කියන්නේ උඹේ මස්සිනා..."

යුගීත් හිරූගේ අත් ගොබයකට මිට මොළවලා පාරක් ගැහුවා...

" ආශ්.... හිතන් ඇති... මහ ලොකු අයියා වෙන්න.. හාල් මැස්සෙක් වගේ ඉදගෙන..හ්හ්හ්හ්හා "

" අනේ මේ.......පෙනුම වැඩක් නෑ දැන් මට ගරුසරු ඇතුව කතා කරොත් හොඳයි.. නැත්නම් පපාට කියනවා මල්ලිව දෙන්න එපා කියලා..!"

යුගීත් ඒක විහිළුවට කිව්වත් හිරූගේ මූන ඒකට ඉක්මනින් වෙනස් උනා..

" හපෝ.....මූනේ හැටි.. එහෙම කරනවද අනේ මං... උඹලා එකතු වෙන එක මගේ ජීවිතේ ලොකුම සතුට හිරූ... මම මගේ ඇස් දෙකෙන් දැක්කා උඹ පිස්සෙක් වගේ විඳවනවා...මට හැමදාම ඕනි උනේ එක්කෝ උඹ මගෙන් සැනසෙන්න... නැත්නම් උඹේ රන් බබා උඹේ ලගට එන්න. මම උඹට ලං වුනේ මට දරාගන්න බැරි නිසා...
ඒත් මම හිතුවේ අන්තිමට ඔයා මගෙන් සැනසුනා.. මගේ උත්සහය සාර්ථක වුනා කියලා... ඒත් ඇත්තටම මොකක්ද උනේ කියලා මම දන්නවා.. අර නෙතුම් මෝඩයා හොයලා දීපු වැරදි තොරතුරු නිසානේ සේරම....
එක අතකට ඔයාලගේ වරදක් නෑ.. අපේ පපා අපි දෙන්නගෙම පපා වෙද්දී ඔයා දන්නේ නෑනේ ඔයාගේ අභීට අයියෙක් ඉන්නවා කියලා.. මේක ඇත්තටම දෛවය....එච්චරයි දැන් අපි යමු....!"

යුගීත් කියපු දේවල් හිරූ අහගෙන ඉද්දී ඒ ඇස් දෙකේ කඳුළු පිරුණා... අවසාන තප්පරයේ ඒවා කම්මුල්වලින් රූටලා වැටෙද්දී යුගීත් හිරූගේ උරහිසට ටිකක් බරට අත තිබ්බා....

" සේරම හරි.. දැන් ඔයා මාව අදුන්වල දෙන්න මගේ මල්ලි බබාට.. මොකද එයා එකපාරටම මාව පිළිගන්න කැමති වෙයිද දන්නෑනේ... "

හිරූ ඔලුව වනලා ඇතුලට යන්න යද්දී යුගීත් ආපහු හිරූගේ අතින් අල්ල ගත්තා... හිරූ ඇයි කියන්න වගේ යුගීත් දිහා බලද්දී කලින් තිබ්බ අභීට සමාන බැල්මක් එක්ක ඒ ඇස් හැඟීම් බරව තිබුණා....

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now