27- කඩයිම

957 183 43
                                    

Black Eyes Season Two.....

Hiru's POV.....

" අභී අපි කොහේද යන්නේ..?"

උදේ ඉදලා ඉස්සෙක් වගේ එහෙට මෙහෙට පැන පැන පස්සත් වන වනා මොනවා කරනවද මංදා.. උදේම මට මේකව ඇදේ පෙරගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා...
එහෙන් කොහේද යන්නේ කියන්නෙත් නෑ..
මම කරදර කර කරම එකම දේ ඇහුවා.. මොකද ලස්සන ෂර්ට් එකකුයි ඩෙනිම් එකකුයිත් තියලා තිබ්බා..
කුතුහලය මට ඉවසගෙන ඉන්න බෑ..
තවත් Surprise එකක් නම් දැන් පපුවට කොහොමත් දරාගන්න බෑ...
මම කොයිතරම් එයා දිහා බලාගෙන එයාගේ හොරේ අල්ලගන්න හැදුවත් මට බැරිඋනා..
මේකා මහ කපටි කොල්ලෙක්....
එයා ගැන හිත හිතා එයා දිහාම බලාගෙන එයාටම මම කරදර කරා...

" කියනවකෝ අභියෝ.........ප්ලීස්....... මැණික.....බබා......වස්තූ........ඒයි......????"

" ආයියෝ......ගමනක්... සද්ද නැතුව එන්න හිරූ... බලන්න නැඟිට්ට වෙලාවේ ඉදලා ඔයාගේ ප්‍රශ්න ඇසිල්ලේ ඉවරයක් ඇත්තෙම නැද්ද..? ඊලඟ පාර මම කටට ප්ලාස්ටර් එකක් අලවනවා..."

" හපෝ හා හා..."

මේ කොල්ලා එයා ආපහු ආව දවසේ ඉදලම මාව පුදුම කරනවා.. ඊයේ රැය තරම් මගේ ජීවිතයේ ලස්සන දවසක් තවත් නෑ.. මම මගේ ඇඟිල්ල දිහා කීපාරක් බැලුවද මට මතක නෑ.. ඒක දකින දකින පාරට මගේ හිත පිරිලා යනවා.. දෙයියනේ මම හැමදාම විඳවපු ආදරය දැන් මගේ ලඟනේ කියලා. මම මගේ මුද්දට අභීට හොරෙන් හාදු කීයක් තිබ්බ ද මට මතක නෑ... ජීවිතේ මහා පුදුමාකාරයි... මම මගේ රන් බබා නැති වේදනාවෙන් කොයිතරම් දුකෙන් හිටියත් එයා කුණාටුවක් වගේ ගිහින් වසන්තයක් වගේ මගේ ජීවිතයට ආවා...ඒ වසන්තය නිසා මගේ ජීවිතයේ පුරාවට මල් පිපුනේ මගේ තිබ්බ කෝඩෑරි පෙනුමත් නැති කරලා ඉස්සර හිටපු කඩවසම් හිරූටත් වඩා කඩවසම් හිරුජ කෙනෙක් ඉපදෙද්දියි... කලින් මම සිගරැට් බිව්වා.. තව තව දේවලුත් හීනියට දාගත්තා.. හැමදාම රෑට බිව්වා..

ඒත් දැන්...

දැන් මගේ රන් බබා ඉද්දී මම ඒවා කරොත් මට දත් ටිකත් නැතුව කෑමක් තමයි හම්බෙන්නේ..  ඒ නිසා මම මුකුත් නොකර කලින් කරපු බවවත් මතක් කරගන්න නොදී සේප් එකේම හිටියා.. ඕක ඇවිස්සුනොත් නයි මිරිස් පරාදයි..

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now