13 - මොකක්ද ඒ උනේ

843 190 58
                                    

Black Eyes Season Two.....

උඹ ගියාම මට පාළුයි බං.............මොනවා කරන්න ද...??"

එයා එහෙම කියලා බියර් ටින් එක යන්තම් තොල ගෑවා....

" මම ගිහින් ඉක්මනින් එන්නම්.. ඒ මගේ මල්ලිනේ හිරූ.. මට ආසයි එයාව දකින්න... අම්මලාගේ වැරදිවලට අපි පලි නෑනේ හිරූ....!"

" හ්ම්.....!"

එයා දිග හුස්මක් අතෑරලා හැමදාම වගේ බලාගෙන ඉන්න ඈත අහසේ තනි තරුවක් හෙව්වා..  ඒ ඇස්වල මොකද්දෝ වේදනාවක් පිරිලා ගියා උනත් එයාගේ මූනේ නිතරම ඇදෙන වේදනාවක ඉරියව් ගැන මම ඒ තර්ම් හිතන්නේ නෑ.. මොකද මේ ලෝකේ විඳින්න පුළුවන් දරුණුම වේදනාවල් ගොඩක් එක පාර වින්දත් තාමත් පන ගහලා ඉන්න ශක්තිමත් හදවතක් එයාට තිබුණා...
ඉතින් මම එයාට ඔහේ ඉන්න දීලා එයාගේ මූනේ වෙනස් වෙන ඉරියව් දිහා බලාගෙන හිටියා...

" මොකෝ.......මං එච්චර හැන්ඩ්සම්  ද..?"

" අහ්..?"

" නෑ උඹ ඔහොම මාව කන්න වගේ බලාගෙන ඉන්නේ... මං එච්චර හැන්ඩ්සම් ද බන්..."

" අහ්... නෑ.....නෑ...ඔයා දුකෙන් වගේ ඒකයි...!"

එයා ඇදලා අතාරින හුස්මවලට දැන් කොයිවෙලේ හරි මේ බැල්කනි එකේ වැට ගලෝගෙන යනවා...
දැනුත් එයා ඒකම කරා...

" ඒක ඉතින් මට උරුම දේනේ  යූ..."

" හ්ම්... ඒක මං දන්න නිසා ඔයා දිහා බලාගෙන විතරක් හිටියේ... හෙට උදේම මං ගියාම ඔයා හොඳට ඉන්න ඕනි. පිස්සු නටන්න එහෙම එපා.. මං ගිය වෙලාවේ ඉදලා ඔයාට කෝල් ගන්නවා හිරූ හරිද..වෙලාවට කන්න. මම ඔයාට තියාගෙන කන්න පුළුවන් දේවල් ටිකක් හදලා දෙන්නම්."

" හ්ම්...!"

මගේ දීර්ඝ කියවිල්ලට එයාගෙන් මට ලැබුණේ කෙටි සුසුමක් විතරයි....
එයා ඊලටඟට කරේ බියර් එක වෙනුවට එයා පැත්තේ තිබ්බ විස්කි බෝතලය අතට ගත්ත එකයි....

'" හිරූ...........ඔය ඇතී..........!"

මම එයා අල්ල ගත්ත විස්කි බෝතලේ බෝතල් කටින් අල්ලලා ගන්න එක නවත්තන්න උත්සහා කලා...

" ප්ලීස් මට මේක ඕනි....!"

" අනේ හිරූ...... ඕවා සැර වැඩී......!"

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now