12- නිහඬ ගීතයක්

846 183 57
                                    

Black Eyes Season Two.....

මෙතන ඉදලා යූගේ POV යන්නේ ඔන්න පූමියෝ....

" පා.......මට මල්ලිව බලන්න ඕනි පා.... එයා ලෙඩින් උනත් මට බලන්න ඕනි... ඔයාලගේ ප්‍රශ්න ඔයාලා ලඟ තියාගන්න පා.... ප්ලීස්... පා මල්ලිව හංගගෙන ඉන්න තැන මට කියන්න... !"

" ඊට කලින් මට කියන්න යූ බබා ඔයා ඔය නැවතිලා ඉන්නේ කොහෙද කියලා...!"

" ඒක ඔයාල අදල නෑ පා.. ඔයා මමාගේ හිත රිදෙව්වා... ඒ නිසා පා මං ගැන හොයන්න එපා.. පා ඉස්සෙල්ලම ආදරේ කරේ මගේ මමාට නම් පා ඇයි වෙන කෙනෙක්ව මමාගේ මැදට ගත්තේ පා.. ඔයා වැරදී.. මමා ඔයාට ගොඩක් ආදරේ කරා පා... ඔයා කොහොමද වෙන ගෑනු කෙනෙක් ලඟට ගියේ. අනික මට සහෝදරයෙක් ඉන්නවා..
ඔයා කොහොමද අපිට මේවා හැංගුවේ....?"

මම ආයෙම එකම හීනේ දැකලා ගැස්සුනා.... දුක කියන්නේ  මගෙයි පා ගෙයි දවල් වුන කතාව මම හීනයක් විදියට එහෙමම දැකපු එකයි....
ඒත් මගේ ඔලුවට දැනුනු උණුසුම නිසා මම අමාරුවෙන් ඇස් ඇරලා වටපිට බැලුවා...
ඒත් අඩ අඳුරේ මම දැක්කේ මගේ ජීවිතේ මගේ හදවත පිස්සු වට්ටපු ඒ ඇස්.....
එයා මගේ ඔලුව එයාගේ උකුලෙන් තියාගෙන බයිට් පැකට් එකක් කකා අර භයානක ෆිල්ම් එක බලනවා.. ඒක Horror නොවී Thriller උන නිසා මගේ හිතට සැනසීමක් ආවත් මම බය නිසා එයා ලැප් එකේ හෙඩ් සෙට් එක ගහගෙන ෆිල්ම් එක බැලුවා..
ටික වෙලාවක් මම එයා ලඟ වාඩි වෙලා ෆෝන් එකෙන් ගේම් ගැහුවා... ඒත් මට කොයි වෙලාවේ නින්ද ගියාද මම දන්නෑ...
මම ආපහු ඒ ඇස් දිහා බලාගෙන හිටියා.. 
අඩ අඳුරේ නිසා ෆිල්ම් එකේ ආලෝකය වෙනස් වෙන පාරක් ගානේ ඒ ඇස් බෝල පාට පාටින් දිලිසුනා...
එහෙමම මම එයා දිහා බලාගෙන ඉද්දී මගේ ඇස් හිමීට බර වෙලා ටික ටික එයාව බොඳ වෙලා ගියා.. 

ආයෙම මට ඇහැරෙද්දී මාව ගැස්සිලා ඇදේ ඉන්දවුනා...

" හිරූ........!"

" එයා මාව උඩට ගෙනත්..දෙවියනේ...මේ මෝඩයා.. මම බරයිත් එක්ක."

මම ඉක්මනින් ඇදෙන් බැස්සා..රෑ අටයි වෙලාව.. එයා එක්ක මට ටිකක් කතා කරන්නත් ඕනි..
මම මගේ කාමරයට එහා පැත්තේ තියන එයාගේ කාමරේ පැත්තට ගියා..  දොර වහලත් නෑ.. ලයිට් එකත් ඕෆ්.. මම  හිමීට කාමරේට ඔලුව දැම්මා..

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now