චෙරි මල් පිපිල තියෙන චෙරි ගස් අතරින් යන ගමන් කෙල්ල කලේ තමන්ගෙ අත් එකට අතුල්ලන ගමන් සීතල ටික ටික අඩු කරගන්න උත්සාහ කල එක... ටික ටික ඇග උනුසුම් කරගන්න ගියත් ඇදන් හිටපු ස්වේටර් එකට උනත් කෙල්ලට සීතල දැනුනා...හිතන තරම් කෙල්ලගෙ ජීවිතේ ලස්සන උනේ නෑ... අද නිවාඩු දවසක් උනත් කෙල්ලට ගෙදරට වෙලා ඉන්න ආසාවක් ආවෙ නෑ... කාලගුනේ කොතරම් සීතල උනත් හිතට නිදහසක් විතරයි ඕරට ඕනෙ කලේ...
මිනිස්සුන්ට ගතේ නිදහසයි සිතේ නිදහසයි දෙකම ඕනෙ තමයි.. හැබැයි ඒ ගතට දැනෙන සීතලට වඩා කෙල්ලට දැනුනෙ හිතට වේදනාවක්... කෙල්ලත් හීන මැව්වා.. ජීමින් එක්ක අත් අල්ලගෙන මේ වගේ ඇවිදින්න.. හැබැයි අද ඒක මිරිගුවක්ම වෙලා...
" සීතලයි නේ ...?"
" අහ්.. යුන්ගි ඔප්පා.. මම බය උනා..."
" ඇයි මට එච්චර බය හිතෙනවද ?"
" නෑ එකපාරටම ඔහොම ඇග අස්සට ආවහම බය හිතෙන්නෙ නැත්තෙ කාටද ඔප්පා.. "
ටිකක් කේන්තියෙන් වගේ කීව ඕරව ලගට ඇදල ගත්ත යුන්ගි කලේ ඒ පිම්බුනු කම්මුල් දෙක අත් දෙකට අහු කරගත්ත එක... කට ඉස්සරහට උල් වෙලා බෝල ඇස්වලින් ඕරා, යුන්ගි දිහා බලන් හිටියා..
" කොහෙද මේ සීතලේ යන්නෙ අහ් ?"
" ගෙදර ඉන්න කම්මැලියි ඔප්පා.. ටිකක් එලියට ආවෙ ඒකයි " ඕරා තමන් ඇදගෙන හිටපු ජැකට් එකේ පොකට් දෙකෙන් අත් දෙක දාගෙන කීවා..
" ගෙදර ඉන්න කම්මැලිද, නැත්තම් ගෙදර ඉන්න බයද??"
වීදිය දිගේ ඉස්සරහට ඇවිදන් යන මිනිස්සු දිහා බලන් යුන්ගි හැගීමක් නැති මූනකින් කියනකොට ඕරා හිස් හැගීමකින්ම යුන්ගි බලන් හිටපු දිහා බැලුවා.. කියාගන්න දෙයක් කෙල්ලට තේරෙන්නෙ නෑ...
" ඇයි ඔයා මට ඔහොම හංගන්නෙ ඕරා.. මම දන්නව ඔයා කොච්චර හැංගුවත් ජන්කුක් ඔයාට වද දෙන එක... ඉතින් හිතේ හිරකරන් ඉන්නෙ නැතුව කියන්න.. "
" මම මොනා කියල කියන්නද ඔප්පා... හරියට මම හිරකාරියක් වගේ... "
ඕරා කීවෙ කලින් දවසක යුන්ගි එක්ක මේවා කතාවෙන එක ජනකුක් දැනගෙන ඕරට හොදටම ගහපු එක මතක් වෙලා... ජන්කුක් ඕරට දාපු තව රූල් එකක් තමා " ගෙදර බිත්ති හතර ඇතුලත සිදුවන කිසිම දෙයක් ඒ බිත්ති හතරින් පිටට යන්න බෑ... "
YOU ARE READING
10000 Hours ✔
Fanfiction" පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න... කෙනෙක් රිදවන එක ලේසි උනාට.. පස්සෙ විදවන එක ගොඩක් අමාරු වෙයි... " *10000 Hours * " Yun MinJi "