Chapter 19

1.1K 222 61
                                    


" ඕරා ඔයාට කීවනෙ මම ඔෆිස් එකට එන්න ඕනෙ නෑ කියලා.. මම කැෆටේරියන් එකෙන් කන්නම් "

" එහෙම බෑ ඒවගෙ රසකාරක වැඩියි ඔයා අසනීප උනොත් එහෙම "

          කෙල්ල ලන්ච් බොක්ස් එක ටේබල් එක උඩින් තියලා සෝෆා එකෙන් ඉදගත්තා... ඕරා දැන් ජොබ් එකට එන්නෙ නෑ.. ජන්කුක් කෙල්ලට ගෙදර නවතින්න කීවා.. ජන්කුක්ට අලුත් ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් ගත්තේ කොල්ලට වැඩ පහසු වෙන්න කියලා..

" කම්පැනි එකේ වැඩ හොදට වෙනව නේද ?"

" ඔව් ඒත් ඔයා නැතුව පාලුයි "

        ඕරා කලේ පොඩ්ඩක් හිනා වෙලා ජන්කුක් ආවට ගිය එක... කොල්ලා දාන් හිටපු කන්නාඩි දෙක ගලවලා දාලා ඒක මේසෙ උඩින් තියලා ජන්කුක් ඉදන් හිටපු chair එක තමන්ගෙ පැත්ත හරව ගත්තා..

" එන්න කෑම කමු එකත් පහු වෙලා.. දෙකට මීටින් එකක් නේද ? ම්ම්ම් "

" හරි යමු.. "

       ඕරගෙ උරහිස උඩ ඔලුව තියාගෙන ජන්කුක් සෝෆා එකෙන් ඉදගත්තේ ඕරා තමන්ට කවනකන්... ඕරා චොප්ස්ටික් එකෙන් පොඩ්ඩ පොඩ්ඩ අරගෙන කොල්ලට කවනකොට ජන්කුක්ට දැනුනෙ තමන් ඕරා ගාව ඉන්නකොට ලදරුවෙක් හා සමාන වෙනව කියලා...

         ජන්කුක්ට මගහැරුම ඒ ලස්සන ආදරේ ඕරා අද කිසිම අඩුවක් නැතුව කොල්ලට දුන්නා... ජන්කුක් පසු තැවුනා මොකද තමන් මේ ආදරේ අහිමි කරගත්තා කියලා... මේ මාස තුන පුරාවටම ජන්කුක් හිටියෙ ගොඩක් සතුටින්.. මොකද ඕරා හැම තත්පරේකම ජන්කුක් එක්ක හිටපු නිසා... 

" පොඩ්ඩම් මෙහෙම ඉන්නද මම ? "

" එතකොට මීටින් එක ?"

" හරි මට විනාඩි දහයකින් කතාකරන්න මැනික.. මට මහන්සියි ගොඩක්.. "

        ජන්කුක් ඕරගෙ ලැප් එක උඩින් ඔලුව තියාගෙන සෝෆා එකේ ඇල වුනා.. කොල්ලගෙ කොන්ඩෙ අතගාන ගමන් කෙල්ල ජන්කුක් දිහා බලන් හිටියෙ ගොඩක් ආදරෙන්.. පියවිල තියෙන ඒ බෝල ඇස් දෙකටම හාද්දක් දුන්න ඕරා සෝෆේ එකට ඔලුව හේත්තු කරගත්තා..

      පැය කාලකට ආසන්න කාලයක් ඕරගෙ තුරුලෙ නිදාගෙන හිටපු ජන්කුක්ව ඕරා අකමැත්තෙන් උනත් නැගිට්ටුවේ ජන්කුක්ට තව පැය බාගයකින් තියෙන මීටින් එක නිසා..

10000 Hours ✔Where stories live. Discover now