" ඇ..ඇයි ඔහොම මගෙ දිහා බලන්නෙ ?"" ඇයි මැනිකට බලන්න පුලුවන්නම් මට බැරි ? ම්ම්ම් "
" ම්..මැනික ?"
ඕරා පුදුම උන ඇස් දෙකකින් ජන්කුක් දිහා බලන් හිටියා ඇරෙන්න මුකුත් කීවෙ නෑ... ජන්කුක්ට දැනුනෙ අපහසුතාවයක් උනත් කොල්ලට ඕනෙ උනේ ඕරට තමන්ගෙ ආදරේ පෙන්නන්න විතරයි..
ජන්කුක් දැක්කා විනාඩි පහක් විතර ඇහැරිල තමන් දිහා ඕරා බලාගෙන ඉන්නවා.. ඒ නිසා ජන්කුක්ගෙ හිතට දැනුනෙ සතුටක් උනත් ජන්කුක් ඇහැරිලා කියලා ඕරා දැක්කා...
" මැනික.. මට සමාවෙන්න.. ඇත්තටම සමාවෙන්න.. මම දන්නව මම මහ පව් කාරයෙක් කියලා... ආයෙත් අපි ජීවිතේ මුල ඉදන් පටන් ගමු.. ම්ම්ම්ම් හැමෝගෙන්ම ඈතට යමු අපි දෙන්නම.."
" ජ්..ජන්කුක් මට මහන්සියි.. මට ගොඩක් මහන්සියි.. මේ ජීවිතේ මට මහන්සියි.. මම හිතන්නෙ දැන් මම හැම දේකින්ම නිදහස් වෙන්න ඕනේ.. "
ජන්කුක්ගෙ ඔලුව අතගාලා පොඩිවට හිනා වෙලා කෙල්ල ඇදෙන් නැගිට්ටා... ජන්කුක්ට හිතාගන්න බෑ.. තමන් මොනවද ඕරට කියන්න ඕනෙ කියල හිතාගන්න බෑ... ජන්කුක් පසු තැවුනා උන හැම දේකටම... ඒත් අපිට පුලුවන්ද කරන හැම පවකටම මට සමාවෙන්න කියල නිදහස් වෙන්න... මම හිතන්නෙ බෑ..
" ජන්කුක් මේකට සයින් කරන්න මම කරල තියෙන්නෙ.. "
" ම්..මොනාද මේ ?"
" ඩිවෝස් පේපර්ස් "
කොල්ලා පුදමවෙලා බලන් හිටියා ඇරෙන්න මුකුත් කීවෙ නෑ... ඕරා තමන්ගෙ ඇදුම් ටිකත් අරගෙන බාතෲම් එකට ගියේ ජන්කුක්ගෙ ඔලුවට ලොකු බරක් ඇදල දාලා.. ජන්කුක්ට බෑ ඕරට යන්න දෙන්න.. ඩිවෝස් කරනව කියන්නෙ ඕරා තමන්ගෙන් ඈතටම යනව කියන එක විතරයි...
ඩිවෝස් පේපර්ස් එක වෙව්ලන අතින් අතට අරගත්ත ජන්කුක් ඒක එකින් එක පෙරලල බැලුවා.. ඕනෙ හැම තැනම ඕරා සයින් කරලා.. ටොක් ගාලා ජන්කුක්ගෙ කදුලු කැටයක් ඩිවෝස් පේපර්ස් උඩට වැටෙනකොටයි කොල්ලට තේරුනේ තමන් අඩනව කියලා.. ඒත් කොල්ලට ඕනෙ උනේ නෑ කෙල්ලව එහෙම යවන්න..
" ජන්කුක් , ඔයා සයින් කලාද ?"
ඕරගෙ හඩට හොද සිහියට ආව කොල්ලා තමන්ගෙ ඔලුව උස්සල ඕරා දිහා බැලුවා.. පොඩි මේකප් එකක් දාගෙන කොන්ඩෙට බන් එකක් දාලා තිබ්බ ඕරා ඇදගෙන හිටියෙ දනිස්සටවත් දිග නැති ඇගෙන් බාගයක්ම පේන ඇදුමක්..
YOU ARE READING
10000 Hours ✔
Fanfiction" පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න... කෙනෙක් රිදවන එක ලේසි උනාට.. පස්සෙ විදවන එක ගොඩක් අමාරු වෙයි... " *10000 Hours * " Yun MinJi "