Chapter 4

1.3K 254 24
                                    


" perfect "

කන්නාඩියෙන් පේන්න තියෙන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන ඕරා කීවෙ අහට්ට මෙහට්ට හැරෙන ගමන්.. ඕෆ් ශෝල්ඩර්ස් ෆ්‍රොක් එක බ්ලැක් කලර් උන නිසා ඕරගෙ කිරි සුදු පාට හම කැපිල පෙනුනා...

ඕරා ඇත්තටම ලස්සනයි අබපු පිලිමයක් වගේ... මේක් අප් බෑග් එක අතට අරගෙන තමන්ගෙ කකුල් , බෙල්ලෙ , අත්වල තුවාල කැලැල් වැහෙන්න කෙල්ල ඉක්මනට ෆව්න්ඩේශන් ක්‍රීම් ටිකක් ගා ගත්තා..

නයිට් පාටි එකක් නිසත් ක්ලබ් එකේ තියෙන නිසාත් ඕරා ටිකක් අදුරු මේකප් එකක් යූස් කලා... තමන්ගෙ දිලිසෙන බ්ලැක් කලර් ශෝට් ෆ්‍රොක් එකටම සෙට් වෙන්න තමන්ගෙ කොන්ඩෙත් ටිකක් කර්ලි වෙන්න හදාගෙන ආයෙත් කන්නාඩියෙන් තමන් දිහාම ඕරා බැලුවේ ගොඩක් සතුටින්...

" ජන්___
ඔහ් එයා කොහෙද යනව කීවනේ.. "

මූනට බොරු හිනාවක් ඕරට මවාගන්න උනේ ජන්කුක් කොහෙද ගියෙ කියලා ඕරට තේරුන නිසා... ඕරගෙ හිත පොඩ්ඩක් රිදුනත් කෙල්ල ආපහු තමන්ගෙ පොඩි බෑග් එක අරගෙන ක්ලබ් එකට යන්න ගෙදරින් එලියට ගියේ මින්හො ත්මන්ව ගන්න එනවා කීව නිසා... කීව වගේම රෙඩ් කලර් නිව් බ්‍රෑන්ඩ් කාර් එකක් ගේ ඉස්සරහ නවත්තල තිබ්බා..

" මම් පරක්කු නෑනේ.. ??"

" නෑ..නෑ.. කෙල්ලේ මමත් මේ දැන් ආවෙ.. "

මින්හෝ ඕරගෙ උඩ ඉදන් පහලට ස්කෑන් කරන ගමන් පැසෙන්ජර් සීට් එකේ දොර ඇරලා ඕරට නගින්න දුන්නා... ඇත්තටම ඕරා හිතල මේ වගේ කොට ඇදුමක් ඇන්දෙ නෑ.. ඕරට දිග ඇදුමක් නැති තරම්.. මොකද ඒ ජන්කුක් නිසා... ටිකක් අපහසුවෙන් වගේ තමම්ගෙ ගව්ම පහලට අදින ගමන් ඉන්න හැටි මින්හෝ දැක්කෙ අහම්බෙන් වගේ...

" ම්ම් ඕරා මේ ජැකට් එක දාගන්න.. පොඩ්ඩක් ෆ්‍රොක් එක කොට වැඩියි වගේ නේ.. "

" ඔහ් තෑන්ක්ස්.. "

මින්හො දුන්න කෝට් එක කකුල් දෙකෙන් දාගෙන තමන්ගෙ කිරි සුදු පාට කලවා ආවරනය කරගත්ත ඕරා සැනසුම් සුසුමක් හෙලුවා.. ජන්කුක් අද ගෙදර එන්නෙ නෑ කීව නිසා ඕරට බයක් දැනුනෙ නෑ.. මොකද අද ජන්කුක් තමන්ව හොයන්නෙ නෑ කියල ඕරා දන්නවා...

10000 Hours ✔Where stories live. Discover now