Chapter 3

1.4K 271 24
                                    


" ගුඩ්මෝනින් ඕරා,"

" ග්..ගුඩ්මෝනින් මින්හෝ..."

අතේ තියෙන ෆයිල්ස් ටික එකට ගුලි කර ගන්න ගමන් ඕරා ජීමින්ට bow කලා... ඒ ගමන් ඕර සැරෙන් සැරේ වට පිට බැලුවා.. මොකද ජන්කුක් බලන් ඉන්නවද බලන්න...

" අහ් ජන්කුක් සර් දැන් මීටින් එකක ඉන්නේ... "

මින්හෝ දිහා ඕරා කුතුහලෙන් බැලුවා.. මොකද තමන් හෙව්වෙත් ජන්කුක්වමයි කියල කොහොමද මින්හො දන්නේ...?

" පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද??"

" අහ් ඔව්.. පුලුවන් "

ව්‍යාජ හිනාවක් මූනට අරන් ඕරා කීවත් මින්හොට ඒක තේරිල වගේ මින්හො ලොකු හුස්මක් අරන් ඕරගෙ වෙව්ලන අත් දෙක දිහා බැලුවා..

" අහ් වැඩි දෙයක් කියන්න නෙමෙයි ඕරා කතා කරමු කීවේ... හෙට මගෙ බර්ත්ඩේ එක.. ඔයාට පුලුවන්නම් හෙට රෑ දහයට ' kingdom ' නයිට් ක්ලබ් එකට එන්න පුලුවන්ද ?"

" ම්..මම ??"

" ඔව් ඕරා මගෙ යාලුවො එන්නේ... ප්ලීස් අහිංසක ඉල්ලීමක්නේ.. "

ඕරගෙ හිත මේ වෙලාවෙ කොච්චර අදි මදි කලත් මින්හෝ ඕරගෙන් කල ඉල්ලීමට ඕරට බෑ කියන්න බැරි උනා... පොඩි හිනාවක් මූනට අරන් ඔලුව වනලා උත්තර දුන්න ඕරව මින්හෝ බදාගත්තේ ඕරා පුදුම වෙනකොට...

" තැන්ක්‍යූ ඕරා... තැන්ක්‍යූ වෙරි මච්.. "

ඕරව පහු කරන් යන ගමන් ඕරට ඇහැක් ගහපු මින්හෝ කොරිඩෝ එක දිගේ ගියේ ලොකු සතුටකින් වගේ... ඒත් කෙල්ලනම් ඒ දිහා හැගීමක් නැතුව බලන් හිටියා... ඕරට මේකට යන්න ජන්කුක් අවසර දෙයිද ?? ඕරට බෑ මින්හොට බොරු කියන්න.. තමන් එනව කියල පොරොන්දු උනාට පස්සෙ ආයෙත් නොයා ඉන්න එක හොද දෙයක් නෙමේ...

ඕරා ඒ ගමන් තමන්ගෙ කැබින් එකට ගියේ ජන්කුක් ආවොත් තමන්ට ලොකු බැනුමක් අහගන්න වෙනව කියල දන්න නිසා.. කැබින් එකට ගිහින් සුපුරුදු විදියට වැඩ කරන්න ගත්ත ඕරා සම්පූර්නයෙන්ම මින්හොගෙ ප්‍රශ්නෙ ඔලුවෙන් අමතක කලා...

_____________________

" සර් මෙන්න ඕඩර් කරපු එක "

" Thank you "

10000 Hours ✔Where stories live. Discover now