Chapter 13

1.2K 271 46
                                    


" ජන්කුක්, හවස ගිහින් අපේ වෙඩින් ඩ්‍රෙස් එක ගමු "

" ඔහාරා මම දෙතුන් පාරක් කීවා මම වැඩක ඉන්නෙ කියලා.. "

" ඇයි ජන්කුක් ඔයා කොහෙවත් යන කෙල්ලෙක්ව තියගෙන ඉන්නෙ.. අනික ඒකි එක්ක ඉස්සර ස්කූල් කාලෙ කරපුව මට හොදට මතකයි "

        ඔහාරා කියපු දේත් එක්ක ජන්කුක් කර කර හිටපු වැඩේ නවත්තලා ඔහේ බලාගෙන හිටියා... ජන්කුක්ට එකපාරටම මතක් උනේ චූටි කාලෙ ඉදන් ඕරා එක්ක කරපු එකින් එක දේවල් ඒ හැම දේම චිත්‍රයක් වගේ මැවිලා මතක් වෙන්න ගන්නකොට ජන්කුක් තමන්ගෙ ඔලුව අල්ලගෙන මේසෙ උඩින් ඔලුව තියාගත්තා...

" ජන්කුක් ? ආයූ ඕකේ ??"

" ජන්කුක් !!"

" ප්ලීස් උදව් කරන්න මිස්ටර් ජියොන්ට අසනීපයි "

         ඔහාරා කැබින් එකෙන් එලියට ගිහින් කෑගහන සද්දෙට ටේහ්‍යුන් එක්ක වැඩ කර කර හිටපු ඕරට ඇහුනා.. දෙන්නත් එක්කම ජන්කුක්ගෙ කැබින් එකට එනකොට ඔහාරා ජන්කුක් ගාවට වෙලා නියපොතු හප හප ඉන්නවා..

" එයාට මොකෝ උනේ ?"

" අයි ඩෝන්ට් නෝ එයා එකපාරටම ඔලුව අත් දෙකෙන් අල්ලගෙන ඔලුව තියාගත්තා.. "

        ටේහ්‍යුන් ජන්කුක්ව ඉක්මනට අරගෙන ගිහින් සෝෆා එකෙන් දිගා කරවලා කොල්ලගෙ ටයි එක බුරුල් කරන්න ගත්තා..

" වතුර එකක් ගේන්න ඉක්මනට "

" ඉ..ඉන්න මම ගේන්නම් " 

         ඔහාරා වතුර එකක් ගේන්න ගිය ගමන් ඕරා කලේ ජන්කුක්ගෙ ඔලුව තමන්ගෙ ලැප් එක උඩින් තියාගෙන කොල්ලගෙ ඔලුව අතගාපු එක.. ශර්ට් එකේ බට්න්ස් ඔක්කොම ගලවපු ටේහ්‍යුන් දැක්කා ඕරා ජන්කුක්ගෙ ඔලුව අතගාන විදිය...

" එයා නිදන් ඉන්නකොට හරි අහිංසකයි ඕරා.. "

" හ්ම්ම්ම් "

        ජන්කුක්ගෙ පියවෙලා තිබ්බ ඒ ඇස් පිහාටු දිහා බලන් හිටපු ඕරා ගෙ කටට පොඩි හිනාවක් ආවා.. මේ ලෝකෙ තමන් වැඩිපුරම වයිර කරන පිරිමියා දිහා බලාගෙන ඕරා හිනා වෙනවා.. තමන්ට වැඩිපුරම රිදවන පිරිමියා දිහා බලාගෙන ඕරා හිනා වෙනවා.. කෙල්ලට තමන් ගැන හිතාගන්න බෑ.. තමන්ගෙ හැගීම් ගැන හිතාගන්න බෑ.. 

10000 Hours ✔Where stories live. Discover now