Chapter 18

1.3K 230 42
                                    


" කුකී අයි මිස් යූ "

" මිස් යූ ටූ හනී.. එන්න ඉක්මනට ගෙදර යමු.. "

       ජන්කුක්ගෙ සූට් කේස් එකක් ගත්ත ඕරා ජන්කුක් එක්ක airport එකෙන් එලියට යනකොට camera man ලා එක එක ෆොටෝස් ගත්තා... ජන්කුක් මාසයක් රටින් පිට ගියේ බිස්නස් වැඩකට...

      ටේහ්‍යුන් සතියකට කලින් ආපහු england ගිය නිසා ඕරා මේ ටිකේ ටිකක් පාලුවෙන් හිටියේ... ඉතින් ජන්කුක් එනකන් ඉවසන් ඉන්න බැරුව හිටපු ඕරා කොල්ලව එක්ක එන්න airport එකටම ගියා...

" මොකෝ ඉතින් වැඩ ටික හොදට කරගත්තද ?"

" ම්ම් ඔව් ගොඩක් හොදට කරගත්තා.. මගෙ සෙක්සි වයිෆ්ව මට ගොඩක් මතක් උනා.. "

           ජන්කුක් ඕරගෙ කනක් හපලා සෙල්ලක්කාර හිනාවකින් කෙල්ලට කියනකොට කෙල්ලගෙ කම්මුල් දෙක පීච් ගෙඩියක් වගේ රතු වෙන්න ගත්තා..

" ඔයා හරි කියුට් "

       කෙල්ලගෙ පිම්බිල තියෙන කම්මුලකින් ඇදලා කීවා.. කෙල්ල කලේ ජන්කුක්ගෙ පපුව අස්සෙ ලැජ්ජාවට මූන හංගගත්ත එක විතරයි... ජන්කුක්ගෙ මූනට ලොකු හිනාවක් ආවෙ ඕරගෙ පිස්සු වැඩ දැකලා..

" ඩ්‍රයිවර්, ඕවා ටික ලිවින් රූම් එකෙන් දාන්න "

        ජන්කුක් ඕරව එක්කගෙන ගේ ඇතුලට යනකොට ඩ්‍රයිවර් ජන්කුක්ගෙ බෑග් එකින් එක ලිවින් රූම් එකට දැම්මා.. ජන්කුක් , ඕරා එක්ක ගියේ රූම් එකට..

" වොශ් එකක් දාන් එන්න කුකී මම මොනාහරි බොන්න හදන්නම්.. "

" අනේ ඩාලින් චුට්ටක් එන්නකෝ ඔයාව ටිකක් තුරුලු කරන් ඉන්න ඕනේ.. මට ඔයාව ගොඩක් මිස් උනා බබා.. ගොඩාක්" 

       බ්ලැක් කලර් ශර්ට් එකේ උඩ බඩ්න්ස් ටික ගලවලා දාලා ජන්කුක් ඕරව තුරුල් කරගත්තා... කෙල්ලත් ජන්කුක්ව තුරුල් කරගත්තේ තමන්ටත් ජන්කුක්ව ගොඩක් මිස් උන නිසා.. ඒ උනුසුම හැම රෑකම ඕරට මතක් උනා.. හා පැටියෙක් වගේ පුරු පුරු ගගා තමන්ගෙන් කිසස් ඕනෙ කියාගෙන වටේ කැරකෙන ජන්කුක්ව ඕරට හැම තත්පරේකම ඕනෙ උනා...

" හරි දැන් වොශ් දාගෙන එන්න මම මොනාහරි හදන්නම්.. "

" ලව් යූ හනී "

10000 Hours ✔Where stories live. Discover now