Chapter 25 [ Part 2]

1.7K 290 134
                                    


After the 10 years
__________________

අදට අවෘදු දහයක් හරියටම.. ඕරා එයාගෙ කුකීව දාල ගිහින්... මේ අවෘදු දහයටම ජන්කුක් හිටියෙ මැරුන මනුස්සයෙක් ගානට... එදා ඕරගෙ මරනේ උනේ ජන්කුක්ගෙ පරන තරහක් තිබුන බිස්නස් පාර්ට්නර්ස්ලා වගයක් අතින් කියලා ජන්කුක්ට හොයාගන්න පුලුවන් උනා..

ඒ වගේම ටේමින් එදාම දිවි නසාගෙන කියලත් දැනගත්තා වගේම ජන්කුක් දැක්කා ජේන් ඕරට එවල තිබ්බ ෆොටෝස් හැම දේම... ජේනුත් ඕරගෙ මරනෙට සම්බන්දයි කියල දැනගත්තාම ජන්කුක් ඒ ගමන් ආව ආවේගෙට ජේන්ව මරල දැම්මා..

ඕරගෙ මරනෙට සම්බන්ද හැම එකාවම ජන්කුක් තමන්ගෙම අතින් මරලා දාලා.. කොල්ලම ගිහින් පොලීසියට බාර වෙන්නේ තමන්ගෙ වැරදි වලට දඩුවම් ගන්න හිතාගෙන.. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ජන්කුක්ට නියෝග උනා..

කොල්ලා ඒ හැම දේම සතුටින් බාරගත්තා... ගෙදර ජීවත් උනත් ඕරගෙ මතක හැම තැනම කෙල්ලගෙ සුවද හැම තැනම ජන්කුක්ට බෑ ඕරා නැතුව ඕරගෙ මතක එක්ක විතරක් ජීවත් වෙන්න...

ජන්කුක්ව අද විශේශ සමාවක් යටතේ හිරෙන් නිදහස් කලා... එලියට එනකොට අතේ කිසිම දෙයක් තිබ්බෙ නැති ජන්කුක් පාරේ පයින්ම ඇවිදන් ගියේ කනත්ත ගාවට.. පාරෙ එන ගමන් කඩා ගත්ත මල් වලින් ලස්සන මල් පොකුරක් හදාගත්ත ජන්කුක් ගිහින්
' Jeon Ora ' ලෙස ගහලා තිබ්බ සොහොන ගාවින් ඉදගත්තා..

" හුග කාලෙකට පස්සේ... අවෘදු දහයක්... ඔව් ගොඩක් ලොකු කාලයක්... ඉතින්.. බලන්න ආවෙ නෑ කියලා මාත් එක්ක තරහා නෑ නේද ?.. ඔයා සතුටින්ද ඕරා.. ඔයා සතුටින්ද? ජිමිනව ඔයාගෙ අප්පව.. ඔයාට හම්බුනාද?.. "

කොල්ලා තනියම හිනා වෙන ගමන් බිම බලාගත්තා ජන්කුක්ගෙ ඇස්වලින් කදුලු කැට වැටෙනවා කියලා කොල්ලට ගානක් උනේ නෑ..

" ම්..මතකද ඔයා කීවා මට.. සතුටින් ඉන්න කුකී.. ලස්සන පව්ලක් එක්ක.. දරුවො එක්ක ලස්සනට ජීවත් වෙන්න... ඔයා නැතුව මට ලස්සන ජීවිතයක් නෑ ඕරා.. සමහර විට එදා මම හදිස්සි නොවුනනම්.. ජේන් එක්ක මම එහම දෙයක් නොකලනම්.. ඔයායි අපේ පැටියයි දෙන්නම මම ලග නේ.. ඕරා.. "

ඕරා දිගින් දිගටම බෙහෙත් ගත්තා.. ඒ නිසා තමා ඕරට පුලුවන් උනේ දරුවෙක්ව හදන්න.. ඒ වගේම එදා ඩොක්ටර් ඕරට එන්න කියලා කීවෙත් එයා ප්‍රෙග්නන්ට් කියලා.. ඕරට එදා දැනුන සතුට කියාගන්න තේරුන්නෙ නෑ..

10000 Hours ✔Where stories live. Discover now