Chapter 14

1.2K 257 41
                                    


" ටේහ්‍යුන් , මට අද ඔෆිස් එන්න බැරි වෙයි "

"....................."

" හරි මම තියන්නම් පරිස්සමට වැඩ ටික කරගන්න.. "

ඕරා හිනාවෙවී කතා කරන දිහා ජන්කුක් ඇදටම වෙලා හැගීමක් නැතුව බලන් හිටියා... ජන්කුක්ට ඕනේ ඕරා තමන් එක්ක එහෙම කත කරනව බලන්න... පරිස්සමට කරගන්න.. පරිස්සමෙන්.. මේ වගේ වචන කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතේට වැදගත් පුද්ගලයෙක්ට කියලා ජන්කුක්ට නොතේරෙන්න ජන්කුක් පොඩි බබෙක් නෙමේ...

" දැන්නම් උන ටිකක් අඩු වෙලා.. මේ බෙහෙත් ටික බීලා නිදාගන්න.. "

ජන්කුක් පොරවගෙන හිටපු ඩුවට් එක අයින් කරලා ඕරා කොල්ලගෙ නලලට අත තියලා බැලුවා.. කොල්ලව ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු කරලා බෙහෙත් පෙති ටික අතට දෙනකොටත් ජන්කුක් ඕරා දිහාම බලන් හිටියා..

දවසකට එක වචනයක්වත් ජන්කුක් දැන් කතා කරන්නෙ නැති ගානයි... ඕරා මේ ගෙවුන අවෘදු ගානටම හිනා වෙලා හිටියෙ මේ දවස් දෙක තුන විතරයි... ජන්කුක්ට ඒකට හේතු දෙකක් හිතාගන්න පුලුවන් උනා.. එකක් තමන් ලෙඩ උන එක.. අනික ටේහ්‍යුන්.. හැබැයි ඕරට තිබ්බෙ එක හේතුවයි ඒ ටේහ්‍යුන් විතරමයි...

" ඕරා.. ,"

" ඔව් කියන්න.. "

ඕරා ලස්සනට හිනා උනා.. ඒ හිනාව ජන්කුක් දැක්කෙ අවෘදු ගානකට පස්සෙ... ඒත් ඒ හිනාවට හේතුව තමන් නෙමේ කියල කොල්ලට දැනෙනකොට ජන්කුක් කලේ බිම බලාගත්ත එක...

" මට පුලුවන්ද ඔයාව තුරුලු කරගෙන නිදාගන්න.. "

ඕරගෙ හිනාව එකපාරටම අතුරුදහන් වෙන හැටි ජන්කුක් දැක්කා.. ආයෙත් ඕරා නිරුත්තරයි... හිමීට ඔලුව වනපු කෙල්ල ජන්කුක් ගාවින් ඇලවුන ගමන් ජන්කුක් දෙන්නවම වැහෙන්න ඩුවට් එක දාගත්තා...

" ඔයා ලග රස්නෙයි.. "

කෙල්ල ගාවට ජන්කුක් තව තවත් තුරුල් වෙනකොට ඕරා හිටියෙ ගොඩක් අපහසුතාවයකින්... ජන්කුක් තමන්ගෙ ඔලුව ඕරගෙ පපුව අස්සෙ හංගගත්තා..

" මම මෙහෙම ඉන්නකොට ඔයාට අමාරුද ඕරා..? "

" ම්.න්..නෑ.. "

ඕරගෙ හාට් එක රේස් දුවනව වගේ ගැහෙන අස්සේ ඕරා ගොත ගහන ගමන් කතා කලා... වේගෙන් හුස්ම ගන්න ගමන් කෙල්ල සුදුපාට සිවිලිම දිහා හැගීමක් නැති මූනකින් බලන් හිටියා.. ජනෙල් වල කර්ට්න් අස්සෙන් ඉර එලිය කාමරේට එනකොට ඕරට නින්ද අහලකටවත් ආවෙ නෑ...

10000 Hours ✔Where stories live. Discover now