Chapter 11

1.2K 258 34
                                    


ජීමින් කියන්නෙ හැම දාම උදේට ඕරගෙ ලොකර් එක චිට් වලින් පුරවපු ඕරගෙ රහසිගත රසිකය කියල දැනගෙනත් ඕරා නිහඩව හිටියෙ තාමත් තමන්ගෙ හිතේ ජන්කුක් වෙනුවෙන් ඉඩක් වෙන් වෙලා තිබ්බ නිසා.. ඒත් ජන්කුක් දැන් අයිති ජේන්ට නිසා අනුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ඕරට ඕනෙ උනේ නෑ.. එදා පාටි එකේදි ජිමින් කියන්නෙ ඕරගෙ බෝයිෆ්‍රෙන්ඩ් වගේ දෙන්නම හැසිරුනා..

ජේන් ජන්කුක් දෙන්නත් ලගදිම විවාහ වෙන බව ජන්කුක් හැමෝම ඉදිරියෙ කීවෙ සමහර විට ඕරට තවත් රිද්දන්න බලාගෙන වෙන්න ඇති... ඒත් ඒ හැම රිදවීමක් එක්කම ඕර තව තවත් ජන්කුක්ගෙන් ඈත් උනා... සැරෙන් සැරේ මිස්ටර් ජියොන් හමුවෙන්න ඕරා ජියොන් මෙන්ශන් එකට එනකොට ජන්කුක් හැමදාම ජේන්ගෙ තුරුලෙ උන්නේ...

ඕර දැන් ජීමින්ට ඇත්තටම ආදරේ කරන්න පටන් අරන්.. ගැහැනියක් උනාම කරන්න ඕනෙ අපි ආදරේ කරන කෙනා නෙමේ අපිට ආදරේ කරන පිරිමියා එක්ක ජීවත් වෙන එක... හැමෝම වරදගන්න තැන මෙක උනත් ඕරා තේරුම් ගත්තා.. ජන්කුක් තමන්ව අතෑරපු වෙලාවෙ ජීමින් තමන් එක්ක හිටියෙ කියලා...

ඒ වගේම ජේන්ගෙ බර්ත්ඩේ පාටි එකට ඕරටත් ජීමින්ටත් ජේන් ආරාදනා කලා... හැමෝම පාටි එක එන්ජෝයි කලාට පස්සෙ ජේන් නිදාගන්න බෙඩ් එකට ගියේ පොඩි අසනීප ගතියක් එක්ක...

" ජේන් මොකක්ද උනේ ?"

" අනේ මන්දා ඕරා.. මගෙ ඇග කසනවා.. "

ඕරා , ජේන්ට ටැබ්ලට්ස් වගයක් දීලා ආවත් ජේන්ට අඩු නොවුන තැන මිස්ටර් ජියොන් කීවෙ ජේන්ට ඉන්ජෙක්ට් එකක් විදින්න කියලා... ඒත් ජේන් ඒකට අකමැති උන තැන ජේන්ට නින්ද යනකන් ඕරා හිටියා..

ඕරට ආව කෝල් එකත් එක්ක ඕරා පොඩ්ඩක් එලියට ගිහින් ඒක ආන්ස්වර් කලේ ඒක ආවෙ අප්පගෙ ඩොක්ටර්ගෙන් නිසා..

" ඩොක්ටර් මගෙ අප්පට කොහොමද ?"

" කලබල වෙන්න එපා.. ඒත් හෙට මාව හම්බෙන්න... ඔයාගෙ අප්පට මම හිතන්නෙ කැන්සර් එකක්... "

ඕරගෙ කකුල් පනනැතුව යනකොට ඕරා කලේ බිමින් ඉදගත්ත එක විතරයි... ඩොක්ටර් කියපු විදියට මුදල් මිලියන ගානක් මිස්ටර් පාක්ගෙ ඔපරේශන් එකට ඕනෙ වෙලා තිබුනා... මිස්ටර් ජියොන්ට හැමදේම ඕරා අඩ අඩ කීවෙ වෙන කරන්න දෙයක් නැති නිසා.. මිස්ටර් ජියොන් කවදත් තමන්ගෙම දරුවෙක්ට වගෙ සලකපු ඕරට හැම මුදලක්ම දෙන්න පොරොන්දු උනා...

10000 Hours ✔Where stories live. Discover now