Chapter 23

1K 233 73
                                    


    මලමිනියක් වගේ පාරෙ ඇවිදල ඇවිදලා ගෙදර එනකොට වෙලාව රෑ අටටත් කිට්ටුයි.. ඒ වගේම ඕරව හොදටම තෙමිලා හිටියේ... ජන්කුක් සෝෆා එකට වෙලා ජේන් එක්ක ඉන්නව කියලවත් ගානක් නැතුව ඕරා එහෙම්මම රූම් එකට ගියා...

      ඇදුම් තෙත පිටින්ම බාතෲම් එකට ගිහින් ශවර් එක යටට වෙලා ඉදගත්ත ඕරා ඉකිගහලා ඇඩුවා... පැයක් විතර දුක හේදෙනකන් ඕරා නෑවා.. ඕරා දැනන් හිටියෙ නෑ තමන්ගෙ රූම් එකට වෙලා මේ වෙලාවෙ ජන්කුක් ඉන්නව කියලා..

     කොන්ඩෙත් පිහදාගෙනම ටවල් එක පිටින් රූම් එකට යනකොට ජන්කුක් හිටියෙ ශොක් වෙලා... මොකද මාස ගානකින් ඕරව ජන්කුක් මෙහම දකින්නේ... ජන්කුක් ඉන්නව කියලා ගානක් නොගෙන ඕරා ක්ලොසට් එකෙන් ඇදුමක් හොයන් ටවල් එක කඩල දාලා ඒක ඇදගත්තා...

       ඕරට දැන් සිහියක් පතක් නෑ.. කව්ද ඉන්නෙ කොහෙද යන්නෙ.. මොනවද කරන්නෙ.. කිසිම දෙයක්.. ඕරා කියන්නෙ දැන් තැලිල තැලිල පොඩි උන ගැහැනියක් විතරයි.. ඉවසන්න පුලුවන් අවසන් තත්පරේ දක්වා ඉවසලා ඉවසලා සිහිය විකල් වෙලා... 

" මේක ඔයාගෙ මම හිතන්නෙ.. පහලට එන්න කෑම කන්න.. මම අද එනකොට pizza වගයක් ගෙනාවා.. "

" හ්ම්ම්ම් "

           ජන්කුක් රින්ග් එක ටේබල් එකෙන් තියලා දොර වහගෙන ගියා... ඕරා එහෙම්මම ඇදේ ඇලවිලා සිවිලිම දිහා ඇහිපිල්ලම් නොගහ බලාගෙන හිටියා.. කෙල්ලගෙ ඇස්වලින් කදුලු කැට වැටෙනවා.. ඇස් අඩල අඩලම රතු වෙලා... ජන්කුක් ඕරගෙන් පලි ගන්න කාලෙවත් ඕරා මෙච්චර ඇඩුවෙ නෑ.. කෙල්ලට තේරුනේ එක දෙයයි.. ආදරේ කියන්නෙ දුකක්...

" මම මහ පව් කාරියක් "

       ඕරා අඩල අඩලම නින්දට වැටුනේ කෑමවත් නොකා.. කෙල්ල දැන් හරියට කෑමක්වත් කන්නෙ නෑ.. මේ මාස කිහිපයට කෙල්ල හොදටම ඇදිල ගිහින්... වෙනද හිනාවෙනකොට පිම්බෙන කම්මුල් අද පිම්බෙන්නෙ නෑ.. ඒ රෝස පාට තොල් පැලිල ගිහින්.. අඩල අඩලම ඇස් යට ගිහින්.. කෙල්ලගෙ දැන් එච්චර ලස්සනක් කියල එකක් තිබ්බෙ නෑ...

      පැයක් විතර බලල බලල ජන්කුක් උඩට ගියේ ඕරට කෑම එක දීලා එන්න... ජන්කුක් එනකන් ජේන් ටීවි එක දාගත්තා... ඕරා හොදටම නිදි.. ජන්කුක් ස්ටූල් එක උඩින් කැම එක තියලා කෙල්ලට කතා කලත් කෙල්ල ඇහැරුනේ නෑ...

10000 Hours ✔Where stories live. Discover now