Chapter 6

1.2K 249 30
                                    


" සර් මේකට සයින් කරල දෙන්න.. "

" චෙක් කලාද ??"

" ඔව්.. "

ජන්කුක් තමන් දාගෙන හිටපු කන්නාඩි දෙක ගානට හදාගෙන ඕරා ගෙනත් දීපු ෆයිල් එකේ තිබ්බ එකින් එක පේපර් එක ගානෙ සයින් කරන්න ගත්තේ ගොඩක් වේගයෙන්.. ජන්කුක්ගෙ පෑන කොලේ උඩ වේගෙන් එහා මෙහා යන හැටි ඕරා බලාගෙන හිටියා...

" තැන්ක්‍යූ සර් "

සයින් කරලා ඉවර උන ෆයිල් එක ටේබල් එකේ පැත්තකින් ජන්කුක් තිබ්බට පස්සෙ ඕරා ඒක අරගෙන ජන්කුක්ට bow කරලා කැබින් එකෙන් යන්න ගියේ දොරත් වහගෙනමයි.. ඒ ගමන් ආව කෝල් එකකට ආන්ස්වර් කරපු කොල්ලා කලේ ෆෝන් එකත් කනෙ තියාගෙනම තමන් දාන් හිටපු කන්නාඩි දෙක ගලෝලා දාපු එක...

" ඔව් අප්පා කියන්න.. "

ජන්කුක් ෆෝන් එක කනේ තියාගෙන පැයක් විතර කතා කරල කරලා ෆෝන් එක ගෙනත් ටේබල් එකෙන් තිබ්බෙ ලොකු හුස්මක් පහල දාන ගමන්.. තමන්ගෙ නලල දෙපැත්ත හිමින් පිරිමදින්න ගත්ත කොල්ලා සෝෆා එකේ ඉදගෙන ඇන්දට ඔලුව බර කරගත්තා..

" දැන්ම මගෙ කැබින් එකට එන්න"

ෆෝන් එකෙන් ඕරට කතා කරල කීව ජන්කුක් තමන් ඉදන් හිටපු සෝෆා එකෙන් නැගිටලා කැබින් එකේ එහා මෙහා යන්න ගත්තෙ අත් දෙක පපුව මැද්දෙන් බැදගෙන..

" එක්ස්කියුස් මී සර් "

" එන්න "

කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ඇවිත් හිමීට දොර ලොක් කරලා ඕරා ගියේ ග්ලාස් වෝල් එකෙන් පහල කා පාක් එක දිහා බලන් ඉන්න ජන්කුක් ගාවට.. ජන්කුක්ගෙ පැත්තකින් බිම බලන් හිටගත්ත කෙල්ල ජන්කුක් කතා කරන්න පටන් ගන්නකන් බලන් හිටියා..

" හෙට අප්පා එනවා.. "

" ම්..මිස්ටර් ජියොන්??"

" ඔව් නැතුව මට අප්පල දෙන්නෙක් නෑ.."

ජන්කුක් තරහ ගිහින් වගේ ඕරගෙ පැත්තට හැරිලා එකපාරටම කියනකොට ඕරව ගැස්සිලා ගියා... ඕරා එහෙම්මම බිම බලාගෙන හිටියේ ජන්කුක්ව තවත් තරහ ගස්සන්න ඕනෙ නැති නිසා..

" හෙට තමුසෙයි මමයි අතරෙ ප්‍රශ්න තියෙනව කියලා දැනගන්න තියන්න බෑ හරිද ?"

10000 Hours ✔Where stories live. Discover now