Chapter 9

1.1K 247 18
                                    


" ඔයාට ගොඩක් රිදෙනවද ඕරා.. "

" නෑ... "

           ඕරා ඔලුව හිමින් වනන ගමන් කීවේ පොඩි හිනාවක් මූනට අරගෙන... කෙල්ල දන්නව තමන්ට රිදෙනව කියන්නෙ කුකීටත් රිදෙනව කියලා... දවස් දෙකක් චූටි කුකී ඕරගෙ ගාවින් හෙල්ලුනේවත් නෑ... ස්කූල් ගියෙත් නෑ.. මිස්ටර් ජියොනුත් කුකීට ඕරා එක්කම ඉන්න දුන්නේ ජෙනීයි කුඩම්මයි එක්ක ඉදලා කුකීව නරක් වෙනව කියල දන්න නිසා...

" කුකීට පුලුවන්ද ඕරට කවන්න.. "

          අජුම්ම සුප් එක ගෙනත් දෙනකොට ජන්කුක් සුප් එක අතට අරගෙන සුප් හැන්දක් අරන් ඒකට පිබින ගමන් ඕරට සුප් පෙව්වෙ කෙල්ලගෙ කට පිච්චෙයි කියල බයට... චූටි කුකී ඕරට ආදරෙයි...

" ඩොක්ට අංකල් කීවා ඕරට හෙට ඉදන් ස්කූල් යන්න පුලුවන් කියලා.. "

" ආයෙ කුකී, ඕරට සීරීමක්වත් වෙන්න දෙන්නෙ නෑ.. "

" ඕරව හොදට බලාගන්නවා.. "

         කුකී සුප් පොවන ගමන් කෙල්ලට එක එක ඒවා කියන්න ගන්නකොට පොඩි කෙල්ල ඒවා අහන ගමන් සුප් එක බිව්වේ ගොඩක් සතුටින්...

____________

" අප්පා.... ඕරගෙ තමා මේ පාර පන්තියෙ වැඩිම ලකුනු.. "

" ශා ශෝක්නේ... කෝ බලන්න.. "

        මිස්ටර් ජියොන් ඕරගෙ රිපෝට් එක අරගෙන ඒ ගමන් ජන්කුක්ගෙ එකත් බලන්න ගත්තත් මිස්ටර් ජියොන්ගෙ ඇස් ලොකු උනේ ජන්කුක්ගෙ රිපෝට් එක දැකලා...

" ජන්කුක්... ඇයි හැම විශයකටම 35 න් පහල ලකුනු... "

" ඒත් ඕරගෙ වැඩියිනේ.. ඒ මට ඇති.. "

          පොඩි කොල්ලා තමන්ගෙ රිපෝට් එක අප්පගෙ අතින් උදුරගෙන පඩි නගින දිහා පුංචි ඕරා බලාගෙන හිටියා...

" එයාව බලාගන්න හොදට... "

              මිස්ටර් ජියොන් ඕරගෙ ඔලුව අතගානකොට ඕරා බිම බලාගත්තා..
කෙල්ලත් කුකීගෙ රූම් එක පැත්තට ගියේ කොල්ලව හොයාගෙන...

       කාලය පියෑබුවෙ හරිම වේගෙන්.. ජන්කුක් ඕරා කියන්නෙ දැන් ලොකු ලමයි.. ඕරාට අවෘදු 15 ක් වෙනකොට ජන්කුක්ට අවෘදු 17 යි... ස්කූල් එකෙ උනත් දෙන්න හිටියෙ එකටමයි...

10000 Hours ✔Where stories live. Discover now