Chapter 22

1.1K 239 74
                                    


            මාසයක් ගියා... මාසයක් කියන්නෙ ලොකු කාලයක් තමා.. ඕරට දැනුනෙ ඒ මාසෙ හරියට අවෘද්දක් වගේ... ජන්කුක් නිතරම ජේන්ව එක්කගෙන ගෙදරින් එලියට ඇවිදින්න ගියා... කිහිප සැරයක්ම ජන්කුක් ජේන් එක්ක ට්‍රයි කලා...

       ඒ වගේම දැන් ජේන් කියන්නෙ ප්‍රෙග්නන්ට් කෙනෙක්... ජන්කුක් ජේන්ව හැම වෙලාවෙම බලාගත්තා.. ඒ වගේම ඕරත් කිසිම පැකිලීමක් නැතුව ජේන්ට හැම වැඩකටම උදව් කලා... ජන්කුක් දැන් සැරෙන් සැරේ ඕරා එක්කත් නිදාගන්න එනවා.. ඒත් ගොඩක්ම ඉන්නෙ ජේන් එක්ක...

" ජන්කුක් අනේ මේ ශිපර් එක දාන්නකෝ ප්ලීස්.. "

       දනිස්ස ගාවට විතර දිග ගව්මක් ඇදගෙන ලිවින් රූම් එකට ආව ජේන් ජන්කුක් ඉස්සරහින් කොල්ලට පිට හරවලා හිටගන්නකොට ජන්කුක් ජේන්ගෙ කොන්ඩෙ ඉස්සරහට දාලා හිමින් හිමින් කෙල්ලගෙ ශිපර් එක දාන දිහා ඕරා බලන් හිටියෙ ඇස්වල කදුලු පුරවගෙන...

       ජේන් ජන්කුක්ගෙ ටයි එක ගානට හදලා කොල්ලගෙ තොල්වලට ඉස්සිලා කිස් එකක් දුන්නා... ජන්කුක් ඒ කාලෙ පුරාවටම බලන් හිටියෙ මේ දිහා ඇස්වල කදුලු පුරවගෙන කොල්ලගෙ ලන්ච් බොක්ස් එක අතේ තියන් බලන් ඉන්න ඕරා දිහා...

        ඒත් ජන්කුක් කලේ ආයෙත් බිම බලාගත්ත එක... ජේන් , ඕරගෙ අතින් කොල්ලගෙ කෑම එක අරගෙන කොල්ලට දීලා ආයෙත් ජන්කුක්ගෙ කම්මුලට කිස් එකක් දුන්නා...

' ඔයා මේ ගෙදර ඉන්න නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි ඕරා.. '

       ඕරගෙ හිත හැම තත්පරේකම කෑගහල කියනකොට කෙල්ල ඇස්වලින් වැටෙන කදුලු කැට නවත්තගන්න ලොකු උත්සාහයක් ගත්තා... ඕරා කියන්නෙ දැන් ගෙදර ඉන්න ආස කෙනෙක් නෙමේ...

" ඕරා හවස් වෙලා මම ජන්කුක්ගෙ ඔෆිස් එකට යනවා... එයාට කියන්න එපා.. "

" හ්ම්ම්ම් "

         ඕරා කලේ ඔලුව වනපු එක විතරයි... ජන්කුක්ට කියනව තියා ඕරා දැන් කෝල් ගත්තත් ජන්කුක් ආන්ස්වර් කරන්නෙ කලාතුරකින්.. එක්කෝ මොකක් හරි වැඩක් කියලා මගහරිනවා... එහෙම එකේ ඕරා ජන්කුක්ට ඒක කියයිද...

" ඇයි මට මෙහෙම කලේ කුක්.. ? ඇයි මට මෙහෙම කලේ... කමක් නෑ.. කොහොමත්.. හැම දේකටම ස්තූතියි... ටික කාලයක් හරි මට ලස්සන ආද..රයක් දු..දුන්නට "

10000 Hours ✔Where stories live. Discover now