" ඔහ් ඒ කියන්නෙ මට වඩා අවෘදු දෙකක් බාලයි "" හ්ම්ම්ම් "
" මොකද අනේ හූම් හූම් ගාන්නෙ.. ඔයා බකමූනෙක් නෙමේනෙ ?"
ටේහ්‍යුන්, ඕරගෙ මූනට එබිලා එක අතක් නිකටට තියාගෙන කීවෙ හරිම කියුට් ලුක් එකකින්... ඕරා තමන්ගෙ මූන වෙන පැත්තකට හරව ගත්තා... කෙල්ලට ටේහ්‍යුන්ට මූන දෙන්න අමාරුයි... ඒත් ටේහ්‍යුන් එක්ක වැඩ කරන්න ඕනෙ නිසා ඕරට සිදු වුනා ටේහ්‍යුන් එක්ක එකට ඉන්න...
" ඔයා හරි ලැජ්ජයි වගේ... කමක් නෑ දෙන්නටම ඇති වෙන්න මම කතා කරන්නම්.. "
ටේහ්‍යුන් ෆයිල් එකක් පෙරලන ගමන් සැරෙන් සැරේ ඕරගෙ දිහා බලන්න ගත්තා... කෙල්ල ෆයිල්ස්වල අංක අනුව ඒවා රාක්කවලට ගොඩ ගහන ගමන් හිටියේ... ඕරා උස නැති තැන්වලදී ටිකක් ඉස්සි ඉස්සි ඒවා තියන විදිය ටේහ්‍යුන් හරි ආසාවෙන් බලන් හිටියේ...
" කෝ දෙන්න මම තියන්නම් කොන්ද කඩාගන්න එපා.. "
ටේහ්‍යුන් ඕරගෙ අතින් ෆයිල් එක අරගෙන ඒක තියනකොට ටේහ්‍යුන්ටත් රාක්කෙටත් අතර මැදි උන ඕරා හිටියේ හුස්ම ගන්න පවා අමතක වෙලා... ටේහ්‍යුන්ගෙ සීතල සුසුම් රැලි ඕරගෙ කන ගාව ඉදන් දැනෙනකොට ඕරා තමන් ඇදන් හිටපු කලු පාට ගව්ම අත් දෙකෙන්ම ගුලි කරගත්තා...
" මේ මොකක් වෙලාද??"
"අහ්හ් "
ටේහ්‍යුන් ඕරගෙ බෙල්ලෙ පැත්තකට වෙන්න තිබ්බ පොඩි පරන තුවාල කැලලක් පෙන්නල ඇහුවා... ඒ කැලල ටේහ්‍යුන් ස්පර්ශ කරපු නිසා ඕරග්ව් කටින් පොඩි කෙදිරිගෑමක් පිට උනා වගේම කෙල්ලගෙ ඇගේ හිරිකඩු පිපිල තිබ්බේ... තාමත් රාක්කෙයි ටේහ්‍යුනුයි අතරෙ හිරවෙලා හිටපු ඕරා තමන්ගෙ ඇස් දෙක පියාගත්තේ ටේහ්‍යුන් ඒ තුවාල කැලල හිමින් පිරිමදිනව දැනුන නිසා...
ඒත් හදිස්සියෙම ෆයිල් එකක් ඉල්ලන් යන්න ආව ජන්කුක් මේක දැක්කේ වෙන විදියකට.. අත් මිටමොලවගෙන රූම් එකේ දොර වහල දාලා ආපහු තමන්ගෙ කැබින් එකට ජන්කුක් ගියේ ගොඩක් තරහින්.. ජන්කුක් කැමති නැති බව දැන දැනත් ඕරා තව කෙනෙක්ට ලං වෙන එක කොල්ලට දරාගන්න බැරි උනා..
YOU ARE READING
10000 Hours ✔
Fanfiction" පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න... කෙනෙක් රිදවන එක ලේසි උනාට.. පස්සෙ විදවන එක ගොඩක් අමාරු වෙයි... " *10000 Hours * " Yun MinJi "