Chapter 21

1K 230 74
                                    


" මාව තේරුම් ගන්න ඕරා.. මම වෙන මොනා කරන්නද "

" ක්..කුකී.. මම බෙහෙත් ගන්නම්.. මම උත්සාහ කරන්නම්.. මම අදත් ඩොක්ටර් කෙනෙක්ව හම්බුනා.. ක්..කුකී "

" බෙහෙත් ගත්ත කියලා කවද වෙනකන් මම මේක ඉවසන්නද ආහ්.. අප්ප එහෙන් මට කරදර කරනවා.. මෙහෙන් ඔයා.. අනේ මන්දා මට මේක ඇති වෙලා දැන්.. "

     ජන්කුක් තමන්ගෙ කොන්ඩෙ ඇදගන්න ගමන් පිස්සෙක් වගේ හැසිරෙන්න ගත්තේ ඕරව පුදුම කරලා.. කෙල්ලගෙ ඇස්වලින් හෝ ගාලා කදුලු කැට කඩන් වැටෙනවා.. කෙල්ල අසරනයි මේ වෙලාවෙ...

" ජ්..ජන්කුක් ප්ලීස්.. "

" ඕරා මම ඉවසුවා.. මාස දෙකක්.. ඔව් මාස දෙකක්.. මම හිතුවා ඔයාට ටිකක් හරි හොද වෙයි කියලා.. මට වෙන කරන්න දෙයක් නෑ ඕරා.. අනික ජේන් කියන්නෙ මම අදුරන්නෙ නැති කෙනෙක් නෙමේ... බබා ඉපදුනාම එයා අපි දෙන්න ගාවට එයි... එතකන් ඔයාට පුලුවන්නෙ ඉන්න නේද ?"

          කෙල්ල කලේ සෝෆා එකෙන් ඉදගෙන කකුල් දෙක අස්සෙ ඔලුව හංගගත්ත එක විතරයි... බර්ත් කන්ට්‍රෝල් නිසා මේ ඔක්කොම කියලා කෙල්ලට හිතුනේ.. ජීවිතේ ඇයි ඕරට එකම එක තත්පරයක් සතුටින් ඉන්න නොදෙන්නෙ..

" හ්..හරි ඔයා.. ජේන් එක්ක අදම හොස්පිටල් යන්න.. කමක් නෑ කුකී.. "

" හොස්පිටල් ? ආ යූ ක්‍රේසි.. ? හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර්ස්ලා බාගෙට බාගයක් අප්පව දන්න අය.. බැරි වෙලාවත් මම ජේන් එක්ක ලමයෙක් හදනව කියල දැනගත්තොත් ඉවරයි.. "

" ඔ..ඔයා මොකක්ද කරන්නෙ ?"

" නෝමල් විදියට බබෙක් හදනවා.. "

           ඕරගෙ ඇස්වලින් තවත් කදුලු ගලන්න ගන්නකොට කෙල්ල කලේ ආයාසයෙන් හිනා උන එක විතරයි.. මේ ඔක්කොම ඕරගෙ වැරදි කියලා කෙල්ලට හිතුනා... සමහර විට තමන් එදා අප්ප එක්ක සෝල් එන්නෙ නැතුව හිටියනම් අප්පට මිස්ටර් ජියොන්ව හම්බෙන්නෙ නෑ.. එහෙම උනානම් ඕරට කුකීව හම්බෙන්නෙ නෑ...

           ජීමින් මැරුනටත් වඩා දුකක් ඕරට දැනෙන්න ගත්තේ ජන්කුක් ජේන් එක්ක එකතු වෙනව කියනකොට... මොකද කෙල්ල දැන් ජන්කුක්ට ආදරෙයි ගොඩක්... ජන්කුක්ට ලෝබයි ඒ ආදරේට.. ඒ ස්පර්ශ වලට.. ඒ සීතල සුසුම්වලට.. ඒ ගැබුරු කටහඩට.. ඒ හැමදේකටම ඕරා ලෝබයි...

10000 Hours ✔Where stories live. Discover now