තමන්ගෙ ඇගට වැටෙන වැහි පොද ගැනවත් කිසිම ගානක් නොතිබුන ඕරා තවමත් සුදු පාට මල් වලින් හැඩ උන සොහොනක් ලගට වෙලා කෑගහලා ඇඩුවා... තනි සුදු පාට ගව්මට උඩින් දාගෙන හිටපු පොඩි ජැකට් එක තෙත් වෙලා කෙල්ලගෙ ඇග දිගේ වතුර බේරුනා..." අප්පාආආ.. ඇයි මාව තනිකරලා ගියේ... මට බෑ අප්පා ඔයා නැතුව ජීවත් වෙන්න... කව්ද මම අඩන වෙලාවට ආයෙත් ඔලුව අතගාලා මාව සනසවන්නේ... කව්ද දුකින් පිරුන මූනට හිනාවක් ගේන්නේ... ඔයා නැති මේ ලෝකෙ මම තනිවෙලා මැරෙනකන්ම අඩයි අප්පා... මට කවෘත් නෑ... මම තනිවෙලා.. ඔයාගෙ ඕරා මේ ලෝකෙ තනිවෙලා අප්පා... "
" ඕරා දැන් ඇති අපි යමු... එයාට සතුටින් යන්න දෙමු නේද ? ම්ම්ම් "
ඕරා තමන්ගෙ පපුවට ගහන ගමන් කෑගහනකොට තව දුරටත් ඒක බලන් ඉන්න බැරි උන ටේහ්‍යුන් ගිහින් ඕරව එතනින් නැගිට්ටුවා.. ඒත් ඒ ගමන්ම ඕරා ටේහ්‍යුන්ව තද කරලා බදාගෙන අඩන්න ගත්තේ ටේහ්‍යුන්ව වගේම එතන මේ හැමදේම බලන් හිටපු ජන්කුක් , යුන්ගි සහ මිස්ටර් ජියොන්වත් ශොක් කරලා..
ජන්කුක්ගෙ පපුව දිගේ හීන් හිරියක් යනකොට ජන්කුක්ට හිතාගන්න බැරි උනා ඇයි ටේහ්‍යුන්ව බදාගෙන අඩන ඕරා දිහා බලනකොට තමන්ගෙ හදවතට මෙච්චර රිදෙන්නෙ කියලා.. ජන්කුක් දිහා සැරෙන් සැරේ බලපු යුන්ගි හොද හුස්මක් ගත්තා...
" මිස්ටර් ජියොන් අපි යමු නේද ? මෙතන ඉදල අසනීප වෙයි "
යුන්ගී , මිස්ටර් ජියොන්ගෙ වීල් චෙයා එක තල්ලු කරගෙන වැහි පොද අතරින්ම කනත්තෙන් එලියට ගිහින් කාර් එකට නගිනකොට ජන්කුක් තාමත් කලු පාට කුඩේ එහෙම්මම අතේ තියාගෙන ඕරා දිහා බලන් හිටියා...
" ට්..ටේහ්‍යුන්... ම්..මාව ඈතකට අරන් යන්න... හ්..හැමෝගෙන්..ම ඔ..ඔයා ම්..මගෙ යාලුව නේද ?? "
" ඔව් ඔව් ඕරා මම ඔයාගෙ යාලුවා... "
" මාව මෙහෙන් අරන්.. ගිහි..න් හැ..හැමෝගෙන්ම.. හංගන්න.. "
ආයෙත් ටේහ්‍යුන්ගෙ ශර්ට් එකේ කොලර් එක ගුලි කරගෙන ඉකි ගහන ගමන් ඕරා කියවගෙන යනකොට ටේහ්‍යුන් සැරෙන් සැරේ බැලුවේ ජන්කුක් දිහා... හැගීමක් නැති මූනකින් ඕරා දිහා බලන් ඉන්න ජන්කුක්ගෙ ඇස් අගින් හීනියට බේරෙන කදුලු කැට ටේහ්‍යුන් දැක්කා...
YOU ARE READING
10000 Hours ✔
Fanfiction" පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න... කෙනෙක් රිදවන එක ලේසි උනාට.. පස්සෙ විදවන එක ගොඩක් අමාරු වෙයි... " *10000 Hours * " Yun MinJi "