Chapter 10

1.2K 243 63
                                    


ඕරා මුලු රෑම බයේ පහන් කලේ බස් හෝල්ට් එකක.. ජෙනී මහ රෑ කෙල්ලව ගෙදරින් එලියට දානකොට කිසිම කෙනෙක්ට දැනුනෙ නෑ මේ මහ රෑ තරුන ගෑනු ලමයෙක් කොහෙද යන්නෙ කියලා... තෙමුන ඇදුම් පිටින් ඕරා හිමීට නැගිට්ටා... තමන් මොකක්ද කරන්න ඕනේ කොහෙද යන්නෙ ඕනෙ කියලවත් ඕරට තේරුමක් තිබ්බෙ නෑ... ඒත් කෙල්ලට මතක් උනේ එක්කෙනාවයි... ඒ..

මින් යුන්ගී...

__

ජන්කුක්ගෙ ඇස්වල කදුලු නැති තරම්... කොල්ල මහ රෑ ඉදන් හොදටම අඩල අඩල හෙම්බත් වෙලා... තමන්ගෙ බර්ත්ඩේ එක දවසෙ තමන්ට දෙවියො දුන්න තෑග්ග මේකද කියලා කොල්ලට හිතුනා...

" ඔප්පා නැගිටින්න දැන්වත්.. ඔය හිගන කෙල්ලො ගැන හිත හිත ඉදල වැඩක් නෑ... "

" හිගන කෙල්ල ? කව්ද යකෝ හිගන කෙල්ල... දැනගන්නවා තමුසෙයි තමුන්ගෙ මහ ලොකු ඔම්මයි මගෙ ඔම්මව මරාගෙන මේ ගේ අස්සට රිංගුවෙ නැත්තම් තමුසෙ ජීවත් වෙන්නෙ මුඩුක්කුවක "

" ජන්කුක්.. තමුන්ගෙ කට වැඩියි... ලෑස්ති වෙනවා හෙටම ඉතාලි යන්න... "

මිසිස් ජියොන් ජන්කුක්ට තරවටු කරලා ජෙනීවත් එක්කගෙන රූම් එකෙන් යනකොට ජන්කුක් තමන්ගෙ කාමරේ බඩු එකින් එක බිම ගැහුවේ දැනුන තරහටත් දුකටත් එක්කමයි...

" යාආආආආහ් මම ඔහේලව විනාස කරනවාආආආ "

ජන්කුක් කොච්චර පසු තැවුනත් ඕරා මුලු හිතින්ම ජන්කුක්ට වයිර කරන්න අරගෙන ඉවරයි... ඒ වගේම කිසිම වරදක් නොකරපු මිස්ටර් පාක්ට වසර දෙකක සිර දඩුවම් ලැබිලත් ඉවරයි...

_______________

" ජන්කුක් මොකක්ද අයියෝ අපි දෙන්න අද රෑ පොඩ්ඩක් ප්ලීස් ප්ලීස් "

ජේන් , ජන්කුක්ගෙ අතේ දැවටි දැවටි කියනකොට කොල්ල කලේ ඔලුව වනපු එක... ජන්කුක් එහෙම්මම ජේන්ගෙ මෙන්ශන් එකට ගිහින් පැය ගානක් ජේන් එක්ක සතුටු උනේ දෙන්නම ගතින් එකතු වෙලා..

ජන්කුක් ඉතාලි ඇවිත් ගත උන අවෘද්දටම ජේන් එක්ක පැවැත්තුවේ මේ වගේ සම්බන්දයක් ජන්කුක් ඉතාලි ආව මුල් කාලෙ කොල්ලට මෙ පරිසරේට හැඩගැහෙන්න උදව් කලේ ජේන්...

10000 Hours ✔Where stories live. Discover now