Chapter 20

1.1K 233 49
                                    


" ඔ..ඔයා..??"

" ඇයි පුදුම වෙලා වගේ බලන්නෙ... ඔව් මට හොද උනා.. "

         ඕරත් හිටියෙ පුදුම වෙලා.. මොකද ඒ හිටියෙ ජේන්.. අවෘදු තුනක් විතර කෝමා එකක හිටපු ජන්කුක්ගෙ ex girlfriend ඕරාට දැනුනෙ බයක්.. ඒත් කෙල්ල ඒක නොපෙන්වා ඉන්න උත්සාහ කලා.. මොකද ජන්කුක් තමන්ගෙ අතින් තදින් අල්ලගෙන හිටපු නිසා..

" න්.. නෑ එකපාරටම "

" මට හොද වෙලා සතියක් විතර ජන්කුක්.. ඒත් මම නර්ස්ට කීවා ඔයාට කියන්න කියලා.. මොකද මට හොදටම හොද උනාම ඔයාව සප්‍රයිස් කරන්න.. ඒත් ඉතින් ඔයා හොස්පිටල් එකට ඇවිත් ඉන්නකොට මම ඔයාට කතා කලා.. "

      ජේන් ජන්කුක් දිහාම බලාගෙන කතා කරනකොට ඕරා බිම බලාගත්තා... ජේන් දැක්කා ඕරගෙ අත ජන්කුක්ගෙ අතත් එක්ක පැටලිලා තියෙන විදිය.. ඒත් ජේන් ඒක ගනන් ගත්තෙ නෑ..

" ඉතින් ජිමින් හොදින් ඉන්නවද ඕරා ? දෙන්න දැන් මැරි කරලා ලමයිනුත් ඇති.."

      ජේන් නොදැනුවත්වම උනත් අහපු දේත් එක්ක ඕරගෙ හිත ගොඩක් රිදුනා.. කෙල්ල බිම බලාගෙන ලොකු හුස්මක් අරගෙන ජේන් දිහා බැලුවා..

" එයා නැති වුනා ජේන්.. "

" ඔහ් මට සමාවෙන්න.. "

" ඒකට කමක් නෑ.. "

         ආයාසයෙන් හිනාවක් ඕරා මූනට මවාගන්නකොට ජන්කුක් මේ වෙලාවෙ හිටියෙ මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව...

" එන්නකො ජන්කුක්... අද මාව ගෙදර එක්ක යන්න ඕනෙ හරිද.. ?"

        ජන්කුක්ගෙ අතේ එල්ලිලා ජේන් , කොල්ලව ඇදගෙන ගිය පාර ඕරගෙ අත එක්ක පටලන් තිබුන කොල්ලගෙ අත ඕරගෙන් නිදහස් වෙලා කොල්ලා ජේන් එක්ක යන්න ගත්තා... ඕරා බලන් හිටියේ ජන්කුක් එක්ක පැටලිලා තිබ්බ අත දිහා...

      ජන්කුක් ජේන් එක්ක යන ගමන් ඕරා දිහා බලලා කෙල්ලට ඉගි කලේ එන්න කියලා.. ආයාසයෙන් උනත් පොඩි හිනාවක් මූනට අරගෙන ඕරා ජන්කුක් පස්සෙන් ජේන්ගෙ රූම් එකට ගියා..

" බෑග් ටිකත් මම ලෑස්ති කලා... අපි එහෙනම් යමු... "

" දෙන්න ඕක මම ගන්නම්.. "

10000 Hours ✔Where stories live. Discover now