01.

3.3K 177 27
                                    

අද එයා හරි ලස්සනයි... කියාගන්න බැරි හැගීම් කන්දක් මගෙ පපුවේ කැකැරෙනවා. එයා මොන දේ ඇන්දත් ලස්සනයි මම ඒක දන්නවා ඒත් අද මගෙ වනි ලස්සන මනමාලයෙක් විදියට නිලමේ ඇදුමක් ඇදලා ඉද්දී මගෙ හදවතට එන ගැම්ම කියන්න බෑ...

"ලස්සනයිද මම..." මම එයා ලගට කිට්ටු වෙද්දී මගෙ කන් ලගට කරලා එහෙම ඇහුවාම මම බලන් හිටියෙ ඒ හිනාවෙන ඇස් දිහා...

"මගෙ ඇස් වලට මේක තමා ලස්සනම වෙඩින් කිට් එක..."
"හේයි මම ඇහුවේ මම ලස්සනද කියලා..."
"ගොඩාක්... ගොඩාක්... ඔයා අර ටයි කෝට් දානකොට මම නෙවේද බලෙන්ම මේක ඇන්දුවේ..." මම එහෙම කියලා වට පිට බැලුවේ කවුරුත් ඉන්නවද බලන්න... ගානට ටයිමින් සෙට් කරලා ඒ තොල් දෙකට කෙටි මෘදු හාදුවක් මම දුන්නා...

ඉතින් මම දැන් පටන් ගන්නද... මම ඔමෙත් සස්වීක... මේ මගෙ ආදරේ කතාව පටන් ගන්න විදිය අවුරුදු ගානකට කලින් ඉදන්...

"අඩෝ බල්ලෝ... තෝ අදත් ජිම් එන්නෙ නැද්ද?" වසවර්ථියා නොහොත් මනුජ කෑ ගහන්නෙ මන් එහා ගමේ ඉන්න එකෙක් වගෙ.

"ඒ බං මම මේ උඹ ලගමයි ඉන්නේ... ඇස් ඇරලා බලපන්..." මම ඌගෙ ඔලුවට පාරක් තදට දීලා ඌගෙ කුරුමානම දකිද්දී තමයි වැඩේ තේරුනේ... ශේහානි මට ලයින් දාන එකි. එකි හැමදාම මම ජිම් යනවා කිව්වාම එනවා. එකි අදින ඇදුම් දැකලා කොල්ලො නිකන් අත් ටැක්ටර් ගහනවා මොක්කුද එක්කූ වගෙ. බලන් යද්දී මට හිතෙනවා ඒ පපුව හිරටම අදින ඇගට හිර වෙන බ්‍රා එකකුයි යට වී අකුරට තියෙන එක දැකලා දවසක්වත් අනික් ඌන්ට වගෙ මට නැග්ගෙ නෑ. කරුමෙක මහත කියන්නෙ මේකි මගෙ ගාවට ඇවිත් ඕවා ගාවනවා අරවා උස්සන්න හෙල්ප් කරන්න මේවා කරන්න හෙල්ප් කරන්න. තව ටික දවසකින් අනිවා ඕකි කියනවා අනේ මට අරින්නකෝ කියලා...

"පෙන්නෙ නැද්ද මගෙ ගාව ෆයිල් ටික. උඹ හදලා දෙනවා නම් මම යන්නම්. පර බල්ලා 5 වුන ගමන් දුවනවා පුක කැඩිච්ච බල්ලා වගෙ. තොගෙ වැඩත් මම කරනවා. හැබැයි පුතෝ ආයෙ හෙල්ප් ඉල්ලන්න එපා..."
"ඕයි ඕයි.. ආදරේටනෙ බල්ලෝ..."
"අනේ උඹේ රෙද්ද පල්ලෙන් බේරෙනවා ආදරේ... වටේට අල්ලන බඩු දිහා සෙවල හලන් නැතුව අන්න අර අහිංසක කෙල්ලව දාගන්න බලපන්..." මම කිව්වේ එහා පැත්තෙන් හිනා වෙවී ඔලුව වන වන හැමෝගෙම කුණු අදින නිසංකා ව පෙන්නලා..

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now