18

768 130 28
                                    

අපි ත්‍රින්කෝ ආවේ හවස 4ට විතර. විරාජ්ගෙ අම්මා අපි එනකන් බලන් ඉදලා තිබ්බේ කෑමත් හදාගෙනමයි. මාව දැක්ක ගමන් දුවලා ඇවිල්ලා බදාගත්තෙ ඇස් වල කදුලු පුරවගෙනමයි.

"අනේ මගෙ සුදු පුතා කෙට්ටු වෙලා... කොහෙද මේ මී හරකා එන වේලාවට එක්ක එනවා කියලද?"
"අම්මේ මමයි ඔයාගෙ පුතා..."
"ගිහින් මල්ලිගෙ කාමරේ ලෑස්ති කරනවා පුතාට ඉන්න.."
"අම්මේ... මටත් මහන්සි."
"මගෙ සුදු පුතා ලෙඩින් වගෙ... දෙයියනෙ දරුවට උණද?"
"අනේ නෑ අම්මා ටිකක් තිබ්බා. එත් දැන් හරි.."
"නෑ නෑ... යමු යමු. කාලා කසාය එකක් බොමු. කෝ එන්න"

මාවත් අතින් ඇදගෙන අම්මා ඇතුලට යද්දී මගෙ ඇස් ඇත්තටම ආදරේ කදුලු කරා.

"ඔය හැමදාම මගෙ ඉස්සරහා අඩනවා. එහෙම බෑ මගෙ කොල්ලා එහෙම ඇඩුවොත් මගෙ හිතට හරි නෑ..." මගෙ කදුලු පිහිදන ගමන් අම්මා මාව ආයෙ තුරුල් කර ගද්දි මමත් වේදනාව ඔක්කොම දියවෙන්න ඇඩුවා. තාමත් කොන්දයි බඩයි රිදෙනවා. දවස් දෙකක් ගිහිනුත් ඒවා අඩු වෙලා නෑ.

"කෝ කෝ මෙතන බබ්බු වගෙ නොඅඩා පල රූම් එකට නා ගන්න.." විරාජ් කියද්දී අම්මා ආයෙත් මගෙ නලල ඉම්බේ ලොකු ආදරේකින්

"නෑ නෑ කාලා... මූණ විතරක් දැන් හෝද ගන්න... ඔක්කොම කාලා කසාය පොවලා නා ගමු..."
"ඕහෝ... මට බෑ"
"බැරි පෙන්නනවා අම්මා උදේ ඉදන් ඉව්වේ.." මගෙ කනෙන් අල්ලලා හිමින් මිරිකලා යන්න ගියා.

මූණ පොඩ්ඩක් හෝදගෙන එළියට එද්දී රජ මගුල් වගෙ සුදු සම්බා එකට පොලොස් හදලා වැව් මාළුවක් එක්ක ගොටු කොළයි මැලේ අච්චාරුවකුයි. සූටි  බඩට සූටියට තව දෙල් බැදුම් මාළුවකුයි... කටලට් එකයි රාජ භෝජනනේ...

මම කන්න කෙල හල හල ඉද්දී අම්මා කතා කරා.

"කෝ කෝ කන්න..." ඔක්කොමත් බෙදාගෙන කන්න ගද්දී තේරුනේ කන්න අත ඉස්සුවොත් අර යකා කාපු පාරවල් පේනවා.

"ආහ් මෙයාට අම්මාගෙන් කන්න ඕනේ වෙලාද කොහෙද?"

"ඉන්න ඉන්න මම මගෙ පුතාට කවන්නම්..." අම්මා බත් එක අරගෙන කටවල් දෙකක් කවද්දී විරාජයා බත් එකම වගෙ කාලා...

"අයියෝ මට පපඩම් අමතක වුනානෙ... පොඩ්ඩක් ඉන්න සුදු මම ගිහින් ගෙන්නම්." අම්මා කුස්සියට යද්දී විරාජ්ගෙ මූණ නිකන් කජු ලෙල්ලක් වෙලා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now