16

806 131 37
                                    

වනීශ් pov.

දවස තිස්සෙම මාත් එක්ක ඉදලා පොඩි දෙයක් අල්ලන් කෑ ගහන එක දැන් සස් ගෙ පුරුද්ද වෙලා. වේලාවකට මම මාවම කන්ට්‍රෝල් කරගන්නෙ අමාරුවෙන්. මම 10 වසරේ ඉදන් ඒ අහිංසක මූණේ ඔය හිතුවක්කාරකම දැක්කා මම ඒක පිලිගන්නවා. එත් මෙයා ඇයි මම කියන දේ තේරුම් ගන්නෙ නැත්තේ, එයාගෙ දේවල් හංගනවා යන කැම්පස් එක කියන්න කැමති නෑ. ඒ කාලෙ උතුරන්න තිබ්බ ආදරේ තාම පෙනවා වුනත් මැදින් මැදින් එන්නෙ එයාගෙ හැගීම එයාටම ශුවර් නෑ නිකන් හිස් හැගීමක් කියලා. හොටෙල් එකෙ එළියෙ බලන් හිටියෙ එයාව ගන්න. නංගිට ආයෙත් ලේ අඩු වෙලා කියලා මට ඉක්මනින් එන්න කියලා අම්මලා කිව්ව නිසා මම සස් එනකල් නොයිද ගියා. මම හිතන් හිටියෙ වැදලා හරි සමාව ගන්නවා කියලා. මගෙ කටත් හොද නෑ මම එක දන්න නිසා. පස්සෙ රෑ කෝල් එකක් දෙන්නවත් කොල්ලා ගාව ෆෝන් එකක් නැති නිසාම නිදා ගෙන උදේන්ම එකවුන්ට් ඩිපාට්මන්ට් එක පැත්තේ වටයක් දාද්දී කොල්ලා ඉන්නවා පෙම් කුරුල්ලා වගෙ හෙල්මට් එකත් අතේ තියාගෙන. ඇත්තමයි ඒ කොලර් අස්සෙන් මගෙ ඇස් ගියෙ මමම හදපු බීට් එක දිහා. එක දැක්කාම අමුතු මගෙ නේද කියන හැගීම හිත පුරාම නිකන් කරන්ට් එකක් වගෙ විද්දා.

සාලිය මා ගාවට ඇවිත් කතා කරද්දි කොල්ලව ටිකක් ජෝකට ගන්න ට්‍රයි එකක් දුන්නත් කවදාවත් නැතුව සස්ට කේන්ති ගියා. මම ඇස් ලොකු කරන් සස් දිහා බලද්දී එයා ගියා ගස්සලම. තනියම අහුවෙයිනේ මගෙ සුදු මහත්තයා එතකොට මම පෙන්නන්නම් ගස්සලා යද්දිත් මාව වශි කරගන්න ලස්සනක් තිබ්බා කියලා.

උදේ වරුවේම අමාරුයි ඔඩිට් එකක් ඇවිල්ලා පුදුම හිසරදයක්. සස් හිටිය මේසෙ දිහා බලලා මම ලොකු හුස්මක් ගත්තේ දුරින් ඉදන් එයා දිහා බලන් හිටිය කාලෙත් ඉවර නිසා

"ශියා ඔලුවම රිදෙනවා."නංගි ඊයෙ රෑ තිස්සෙ බබෙක් වගෙ අඩනවා ඒ නිසා නිදා ගත්තෙ පැය 2ක් නැත්තම් 3ක් එයා ගාවටම වෙලා එයා දිහා බලන් හිටියා ඇරපු අතක් නෑ දෙයියනෙ මේ මගෙ සස්...

එයාට නිව්මෝනියාව හැදුනට පස්සෙ blood count අඩු වෙනවා මොකක් හරි ලෙඩක් හැදුනොත්. එයා පොඩි කාලෙ ඉදන්ම මගෙ තුරුලේ ඉදලයි හුරු වුනෙ. සමහරවිට එයාට බොද වෙලා තියෙන එයාගෙ ආදරණිය අයියා මම කියලා එයා මවාගෙන ඉන්නවා ඇති. එදා උසාවියෙදි නංගිව අම්මා භාරගනිද්දී මම දැක්කා මාර්තා අම්මට තුරුල් වෙලා අඩපු සස් ව. මොනම දෙයක්වත් තේරුමක් නැතුව එයාගෙ ඒ ආදරේ කදුලු මාවපිස්සු වැට්ටෙව්ව නිසා මට ඕනේ වුනා ඒ අඩපු අයියා වගෙම අයියෙක් මගෙ සුදු නංගිට වෙන්න.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now