17

789 126 40
                                    

මම දන්නෙ නෑ මොනවා කරන්නද කියලා නිකන් අවුල් අවුල් පැය ගානක් එයා නිදි වගෙ ඇසුත් ඇරගෙන. කතා කරන්නෙවත් නෑ... ආයිෂ් මගෙ ඔලුව...

"සස්... මම තේ එකක් හදන් එන්නද?" විනාඩි ගානක් ගියත් ඔක්කොම සයිලන්ට්. ඕනේ මගුලක් වෙයන් කියලා ගිහින් තේ එකක් හදන්න හැදුවා..

"ඕ.... අම්මොහ් ඇගම නෑ වගෙ... සැක් සස් එක්ක කතා කරන්නත් බැරි වුනා ටුවර් එකෙන් පස්සේ..." මට ඇහුනා හරි නම් ඒ විරාජ්.

"සස්... සස්... මොකක්ද මේ වුනේ..." කෑ ගැහිල්ලක් ඇහුනාම මට තේරුනා සස්ව දැක්කා කියලා... කොහොමත් මෙතන මග ඇරලා යන්න පුලුව දෙයක් නෙවේනෙ වෙලා තියෙන්නෙ. මම තේ එකත් අරන් දොර ලග හිටගද්දී සස් දැක්කා... ඔලුව වැනුවේ යන්න කියලා කියන්න වගෙ.

"සස් මොකක්ද වුනේ.."
"උණ හැදුනා අයියෙ.." විරාජ් තාම මාව දැක්කෙ නෑ... සස් ඇස් වලිනුත් අයදිනවා යන්න කියන්න වගෙ.
"කෝ අනේ මගෙ කොල්ලා හොදටම අසනීපෙන්.. එත් මේ මොනාද මේ ඇග පුරාම.." විරාජ් ලං වෙන වාරයක් පාසා සස් යන්න යන්න කියලා ඉගි දෙද්දී මට ඕනේ වුනේ නෑ යන්න. එයා එයාගෙ ඇගම රෙද්දෙන් වැහුවා.

"සස්... බල්ලා කියපන් මොකෙක්ද මේක කරේ කියලා." විරාජ් වට පිට බලද්දී මාව ඇස් වලට අහු කරගත්තා.

"කැරියා... තෝ මගෙ මල්ලිට මොකක්ද කරේ කියපන්.."
"...." මගෙ කොලර් වලින් අල්ලලා මාව හොල්ලන ගමන් විරාජ් අහද්දී සස් කතා කරා.

"වනීශ් දැන් ඔයා යන්න. විරාජ් මට වතුර එකක් ගෙනත් දෙන්නකො.."
"උඹට වතුරද අඩු. තෝ තෝ මට කිව්වා මූ එක්ක නිදාගන්නෙ නෑ කියලා. බලපන් උඹව හම ගහලා වගෙ..."

මම කතා කරන්න අකුරක් එකතු කරන්න හැදුවා විතරයි විරාජ්ගෙ අත් මගෙ හකු හරහා යන්න ගියා. මම හිතුවා හරි මිනිහා ජිම් යන පොරක්. වැදුන පාර සැරටම වැදුනත් මම රිටන් එක දෙන්න ගියෙ නෑ. සස් අඩනවා අයියෙ එපා කියලා.

"කටවහපන් උඹටත් ඕනේ මගෙ එකා වගෙ එල්ලෙන්නද?"
"විරාජ් පිලිස්..."
"උඹ වරෙම් එළියට... වල් බල්ලා.." මාවත් ඇදගෙන විරාජ් එළියට ආවා.

"උඹ මොකක්ද බල්ලෝ ඒ කරේ. කොච්චර තිරිසන් විදියටද මගෙ එකාට සලකලා තියෙන්නෙ."
"හිතලා වුන දෙයක් නෙවේ."
"හිතලා නෙවේ... හිතල නෙවේ... පලයන් නැත්තම් උඹ මගෙන් මැරුම් කනවා...ආයෙ මගෙ එකාට ලං වුනොත් උඹ මැරුනා කියලා හිතාගනින්"
"ඇයි මම යන්නෙ. ඌ මගෙ... තමුසෙ මගෙ එකා මගෙ එකා කිව්වට ඌ මගෙ..."
"කටවහපන් පරයා. තොගෙ එකාට වගෙද බල්ලෝ ඒ සැලකුවේ.. පලයන් මගෙ දෑහැට නොපෙනි.."
"බෑ මම යන්නෙ නෑ..."

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now