31

651 120 42
                                    

"ඕයි අර වනීශ්... සස් නිසා..." මට යන එනමන් අමතක වේලාවක මනුජ ඌන් දෙන්නා මැද්දට පැන්නා.

"එහාට පලයන්..."
"වනීශ් තමුසෙට පිස්සුද?" මනුජගෙ කෑ ගැහිල්ල ඇහෙද්දී කන් දෙකත් අල්ලන් බිම වාඩි වුන නිසාංකා අඩනවා. කෙල්ලට ගහපු කම්මුල් පාරට කම්මුල රතුම රතු වෙලා.

"ව... ව... වනිශ් ඇයි මේ කෙල්ලට ගැහුවේ" මම ඇහුවේ නිසා ගාවට ගිහින් ඉදගන්න ගමන්.

"මට ඕනේ නිසා මම ගැහුවා.."
"ඔයාට ඕනේ නිසා හිතුන හිතුන වේලාවට ගහන්න බෑ මමයි මෙයාගෙ වගකීම අරන් ඉන්නෙ.."
"තමුසෙ වගකීම ගත්තා නම් මේ අවුරුදු 21 මොන මගුලක්ද ඕයි කරේ මේකිගෙ වගකීම ගන්නෙ නැතුව..."
"මොකක්... වනීශ් තමුසෙට පිස්සුද? නිකන් නරුමයෙක් වගෙ කතා කරන්න එපා මිනිහෝ" කේන්ති ගිහින් ඉන්න මට ඇත්තමයි එපා වෙලා. ඒ කම්මුල් පාර ගහනවා දැක්ක වේලාවේ කලකිරුනා එපා වුනා.

"අයියට බනින්න එපා සස්... එයා හරි..." ඉකිගසන හඩින් නිසා කියද්දී මට අයියා කියන එක හිතට වැදුනා. කවමදාවත් නිසා වනිශ්ට අයියා කියලා නෑ.

"අයියා. අයියා මූ කොහොමද අයියෙක් වෙන්නෙ..."

"ශා ශා... නියමයිනෙ... මෙයා මගෙ නංගි නෙවේ නම් තමුසෙගෙද සස්වීක..." වනීශ්ගෙ කට හඩ කේන්තියෙන් පිරිලා.

"මනුජ ඔයාට දැන් මෙතනින් ටිකක් යන්න පුලුවන්ද?" නිසාගෙ කතාවට මගෙ දිහා බලපු මනුජ යන්න ගියා.

"එහෙනම් ප්‍රශ්නෙ විසදගන්න මමත් යනවා." මමත් නැගිටලා එන්න හදද්දී නිසා මගෙ අත ගුලි කරගත්තා.

"ඔයාට මතක නැද්ද ඇහෙ කනේ තියන් බලාගත්ත ඒ කෙල්ලව..." නිසාංකා එහෙම අහද්දී මම වනීශ් දිහා බැලුවා. එතකොට රේශානි කවුද?

"ඔයා නම් වනීශ්ගෙ නංගි රේශානි කවුද?" මම නිසාගෙ මූණ අත ගාන ගමන් අහනකොට වනීශ් ඔලුව පොඩි කරා.

"සස්... ඔයාට අමතක වෙලාද නැත්තම් රගපානවද?" වනීශ්ගෙ සැර හඩට මම ගැස්සිලා යද්දි නිසා මගෙ අත බදාගත්තා.

"අයියා රේශානියි මායි තමයි නිතරම ඔයා ගාවට ආවේ. රේශානි තමයි අපේ ලොකු අම්මාගෙ දුව. එයා මාව ඔයාට දීලා යනවා. සමහර වේලාවට ඔයත් එක්ක ඉන්නවා.එත් ඔයා මගෙ නිතරම ඒ කිව්ව කෙල්ල මම..." ඔක්කොම එක දෙක පැහැදිලි වෙද්දී මේ කෙල්ල මගෙම නංගිද එතකොට. මගෙ ඇස් බොද වෙද්දී මම නොදැනීම කෙල්ලව බදා ගත්තා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now