03

1K 141 19
                                    

අපි අතරේ ගොඩාක් ලොකු වෙනස්කම් තියෙනවා ඇත්තටම. වනි කියන්නෙ ලොකු පවුලකින් එන කොල්ලෙක්. ඉස්කෝලේදීත් ඔක්කොම එයාගෙ පැත්තේ හිටගත්තේ ඒ නිසා. මම කියන්නෙ නෑ කැඩේට් සාජන් වෙන්න කොලිෆිකේශන් තිබ්බේ නෑ කියලා ඒත් එයාට වඩා දක්ෂයෝ හිටියා. එත් ඔය මොකාද එකා කියලා තියෙනවනෙ සල්ලි තමයි හැමදේම කියලා. දැන් පාන්දර 2ටත් කිට්ටුයි නින්දක් නෑ මට. බලන් ගියාම කවුද හිතුවෙ ආයෙත් පාරක් එයාව දකින්න එයා එක්ක ඉන්න වෙයි කියලා එත් මම බොරු බලාපොරොත්තු තියාගන්න නරකයි. මොකද ඕක කවමදාවත් වෙන්නෙ නැති දෙයක්...

ෆෝන් එක රින්ග් වෙනවා ඉවරයක් නෑ නැගිටින්නත් හෙනම කම්මැලි උදේ පාන්දර ඉදන් වහිනවා අද නම් වැඩට යන්න හිතෙන්නෙම නෑ..

"සස් ෆෝන් එක ගනින්.." විරාජයා කියද්දී මම කොට්ටෙන් කන් වහාගත්තා.

"උඹට ඕක අහන් ඉන්න අමාරු නම් අන්සවර් කරපන්..." මම හෙමින් එහෙම කියලා අනික් පැත්ත හැරුනා.

"හලෝ..."
"නෑ මම එයාගෙ යාලුවෙක්.."
"කවුද අහන්නෙ තමුසෙ නිකන් දන්නවා වගෙනෙ එයාගෙ යාලුවොන්ව."
"ආ වනීශ් ඊයෙ මෙහෙ ආව කෙනානෙ මම විරාජ් එයා තාම නිදි..."
"ඔව් ඕක අහන්න දෙයක්ද? එකම ගෙදරක එකටනෙ ඉන්නෙ..."

බලෙන්ම මම මගෙ ඇස් ඇරගෙන ෆෝන් එක උදුර  ගත්තා.

"හෙලෝ වනීශ්..."

"මම තමුසෙගෙ ගේ මිදුලෙ ඉන්නෙ. ලෑස්ති වෙලා එනවා ඉක්මනින්." එයා එහෙම කියලා ෆෝන් එක කට් කරා. තඩි බිඩියෙ මම පඩි පෙළ බැස්සෙ කුඩේකුත් අරන්.

"වනීශ් යමු ඇතුලට..." මම එයාගෙ කාර් එක ලගටම ගිහින් කියද්දී මීටර් වුනේ ෂෝට පිටින් දිව්වා කියලා. සැක් වස විලි ලැජ්ජාවයි... එයා කාර් එකෙන් බැහැලා කුඩේ යටට ආවා. සීතලයි වගෙ මගෙ කරට අතත් දාගෙන එයාට ඇදලා ගත්තා.

"සීතලයි..."
"එකනෙ ඔයා කෙලින්ම ඔෆිස් ගියා නම් මෙච්චර කට්ටක් සෙට් වෙන්නෙ නෑ... යමු ඇතුලට..." මම පඩිපෙළ ගාවටම ඇවිත් එයාට කුඩේ දුන්නාම මේ යකා ගත්තේ නෑ..

"වනි මම කොහොමත් දැන් නානවා ඔයා තෙමෙයි. ඉතින් මේකෙ දෙන්නෙක්ට යන්න බෑනේ එකපාර..." එහෙම කියලා කුඩේ එයා අතට දීලා එයා නගිනකල් මම බලන් හිටියා. දෙයියොත් උදේම දෙන්නෙ මාර පැකේජ් තමයි කියලා හිතලා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now