07

895 149 33
                                    

"ඉතින් මිස්ට සස්වීක ඔයා අද සතුටින් වගෙ..." වනිශ්ගෙ හඩේ තිබ්බ ගැඹුරු බව මට ආයෙත් අතීතෙ මතක් කරා. එදා අපේ මීට් එක දවස එයා හිටියෙ මෙත්තා හවුස් එකෙ වගෙම මම කරුණා හවුස් එකෙ හිටියෙ.

අපි කට්ටියම ගොඩාක් මහන්සි වුනා හැව්ලොක් ග්‍රවුන්ඩ් එකෙ තිබ්බ මීට් එකට දවස් 5,6 වගෙ ඉදන්ම හවුස් හැදුවා. මම ගේම්ස් කැප්ටන් වුන නිසාම මම රෑ නිදාගත්තෙත් ඉස්කෝලේ වගෙ. කෙල්ලො කොල්ලො එක පොදියට හවුස් එක ඩිසයින් කරද්දී මම තමයි කරුනා හවුස් එකෙ මේන් ඩිසයිනර්. මාත් එක්ක ගොඩාක් ලගින් හිටිය යාලුවෝ 3යි ඒ කාලෙ කෙල්ලො දෙන්නෙක් වගෙම කොල්ලෙක් එතනින් එක කෙල්ලෙක් තමයි ක්‍රිශානි. ඉස්කෝලේ වටේම කතාවක් ගියා වනිශ් ක්‍රිශානිට ලව් කියලා. ඒ නිසාම මගෙ ඇගෙ එල්ලිලා කරුනා එකට රිංගන්න මෙන්න මේ මනුස්සයා ආවා. ඒත් වැඩේ කියන්නෙ ක්‍රිශානි මාත් එක්ක ලොකුවටම එකතුයි. පිරිමි බුද්ධිය අනුව මට කියන්න පුලුවන් එකි මට ලව් කියලා. ඉතින් නිතරම එල්ලි එල්ලි මාත් එක්ක එහෙ මෙහෙ යන්න එනවා. ඔන්න ඔය නිසාම වනීශ් මාත් එක්ක ටිකක් අවුල් ගියා. එකෙදි ඔට්ටුවක් ඇල්ලුවා ක්‍රිශානි එක්ක වනිශ් දිනන හවුස් එක කියලා. මටත් ඔට්ටුවට සපෝර්ට් කරන්න කිව්වාම මම මගෙ හවුස් එක කරුණා නිසාම කරුණා කිව්වා.

කොහොමින් කොහොම හරි කරුණා දිනපු වේලාවේ වනීශ්ගෙ මූණ කට හඩ තිබ්බේ ඔය විදියට. ඒ එයා පරදින්න කැමති නැති නිසා.

"සතුටු වෙන්න තහංචි මේ ඔෆිස් එකෙ නෑ නේද මිස්ට වනීශ්..." මමත් කැත්තට පොල්ල වගෙ ඇහුවා
"අපෝ නෑ. ඔයාට ඕනෙ ඕනෙ වේලාවට නිවාඩු ගත්තා කියලා වැඩ ෆයිල් අහස උසට ගොඩ ගැහුනා කියලා මෙතන ඔයාට මුකුත් වෙන්නෙ නෑ."
"පොඩ්ඩක් ඉන්න. මේ දැන් මම ඒ ටික ඉවර කරන්නම්. අනික වරුවක නිවාඩුවක් ඉදලා හිටලා ගත්තා කියලා මුකුත් වෙන එකක් නෑ නේද?"
"මිස්ට සස්වීක කට පොඩ්ඩක් වහා ගන්නවා..."
"මමත් සේවක අයිතිවාසිකම් ස්ටඩී කරලා තියෙන මිනිහෙක් මිස්ට වනිශ්.."
"ඕහෝ... එහෙමද? එත් මතක තියාගන්නවා මම තමුසෙට වෛර කරනවා කියලා."
"ඔයා මට වෛර කරනවා කියන දේ මගෙ ජොබ් එකට අදාල නෑ. අනික ඔයාට මට වෛර කරන්න දෙයක් මම ඔයාට කරලත් නෑ"
"යනවා යන්න... ආයෙ මගෙ ඇස් දෙක ඉස්සරහට ඔය මූණ අරන් එන්න එපා..."
"අපෝ හා. කොහොමත් ඉන්න බලන් ආව ආසාවෙන් ආව ඩිපාට්මන්ට් එකක් නෙවේ මේක මට..." මම කියලා යන්න හැරුනා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now