25

699 120 30
                                    

"වනීශ් එහාට යන්න.."
"බෑ... සුවදයි"
"ඕයි.. වැඩට යන්න ඕනේ.."
"සුදු නිවාඩුවක් දාමු.."
"කුණුහර්ප අහන්න එපා. තමුසෙ ඉන්නවා එහෙනම් අයියව බලාගන්න කෙනෙක් ගැන මම මේ කල්පනා කරෙ."
"මල්ලිවත් බලාගන්නද?"
"වනීශ් වල් කට වහගන්නවද?"

මගෙ අතින් ඇදලා වනීශ් ඇදේටම ඇදලා අරගෙන බෙල්ල කිස් කරන්න ගත්තා.

"වනීශ් අත අරින්න... මොකක්ද මේ විකාරේ.."
"රසයි..."
"මගුලක් කියවන්න එපා මොකෙක් හරි දැක්කොත්.."
"මේක තමුසෙගෙ රූම් එක. බලනෝ මේ පපුව පුරාම වතුර බිංදු බිංදු බේරෙනකොට කොහොමද ඉවසන්නෙ..."
"එහෙම කියලා බෑ මම යන්න ඕනේ වැඩට..."
"අද ඉමුකෝ මහත්තයෝ"
"මැණික බෑනේ... අයියව බලාගන්න කෙනෙකුත් හොයන්න ඕනේ.."
"ඕනේ එකෙක් ගෙනෙන් විහාරා නැතුව ඊයෙ තෝ එකිටමනෙ කිව්වේ මම අකමැති කියලා දැනගෙනම..."
"ඔයාට කියන්න තිබ්බා ඔයා හිටියා නම්..."
"මම නැති වුනොත් වෙන එකෙක් සොලුශන් එක වෙනවද?"
"තැනක ගැලපෙන්න..."

"අද තෝ යන්නෙ නෑ ඔෆිස්... අද අපේ හනිමූන් එක..." මාව ඇදට හිර කරන ගමන් වනීශ් කියද්දී දෙතුන් පාරක් මගෙ දොරට කවුරු හරි තට්ටු කරා.

"වනීශ් අත අරින්න කවුද බලන්න.."
"ෂර්ට් එකක් දාගෙන යනවා."
"මම ගෑණියෙක් නෙවේ..."
"උඹට මගෙන් කන්න ඕනෙද ෂර්ට් එකක් දාගන්නවද?" වදේටම අහුවුන ෂර්ට් එක ඇදලා දොර ඇරියාම

"උඹලගෙ අම්මා ඇවිත්..."
"කාගෙ..."
"විරාගෙයි උඹෙයි අම්මා ඇවිත්..."
"කෝ දැන් උඹ මුකුත් කිව්වද?"
"නෑ නෑ මම ඉදගන්න කියලා උඹට කියන්න ආවා. එත් උඹේ කාමරේන් ආව සද්ද මොනවද?"
"ආ විඩීයෝ එකක් බල බල හිටියෙ..."
"තෝ උදේම ඔය මගුල් බලලා ගෑණිට හෙන වදේ ඇති..." අරු එහෙම කියලා මගෙ යට ප්‍රදේශේට ඇස් යවලා යන්න ගියා. මේ මනුස්සයා මගෙ හොද නමත් කයි වගෙ...

"අම්මා ඇයි හදිස්සියෙ..." මම යන ගමන් ඇහුවාම පව් දාඩිය දාගෙන හොදටම...

"දෙයියනෙ හොදටම දාඩිය දාලා. ඉන්න ෆෑන් එක දාන්න... අම්මා තේ එකක් බොමු.."
"අනේ හරි සුදු පුතා බස් වල සෙනග දරුවෝ..."
"ඉන්නකො සුදු පුතාගෙන් තේ එකක් බොමු..."
"පුතා හොදින් නේද? මම මේ ටිකේම බය හිතෙන හීන දැක්කේ ඔයායි විරාජුයි ගැන. කෝ මේ ලමයා ෆෝන් අන්සවර් කරන්නෙ නෑනේ... ෆෝන් ඕෆ්... කෝ දරුවෝ මගෙ කොල්ලා..."

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now