"දැන් හොදටම ඇති කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද වනිශ්..." මම ඇත්තටම දැනුන කලකිරීමෙන් දුකෙන් වචන එකතු කරෙ හිත පිච්චි පිච්චි තිබ්බ නිසා.
"අද ලස්සනයි. එත් ඔහොම පැය 5,6 යන්න බැරි නිසා නෝර්මල් කිට් එකක් දා ගන්න." ආයෙත් ශාන්ත ආදරේ පිරුනු හඩකින් කිව්වා. ඒ හඩ එක්ක ආගිව් කරන්න මට හිතුනේ නෑ. මම කටවහගෙනම හිටියා. කුණු කටින් කුණු කතා කියලා කියලා එයා ආදරේන් කතා කරද්දී මම එයාට පණ දෙන්න යන්න ඕනේ නෑනේ."සුදු... සස්... කෝ කතා කරන්න..."
"මම සුදු නෑ.." මම කිව්වා."එතකොට අර විරාජ් කිව්වේ සුදු මල්ලි කියලා"
"ඒ එයා මගෙ අයියා නිසා."
"හරි හරි... දැන් ඇදුම් මාරු කරගන්න. හිර කරගෙන යන්න බෑනේ.."
"කමක් නෑ මෙහෙම හොදයි.."
"හිතුවක්කාර වෙන්න එපා සස්... කොහොමත් අද රෑ 8,9 වෙයි නුවර යනකොට.""උපරිම පැය 5යි වනිශ් නුවර එළියට යන්න යන්නෙ..." මම කිව්වා...
"ම්ම්ම් කොහොමත් දැන් 3.30යි. පැය 5ක් යනවා කියන්නෙ 8.30... මේ එකවුන්ටන් ට එක මිස් වුනේ කොහොමද?"
"ම්ම්ම්..."
"දැන් මහරගම නේහ් යමුද අපේ ගෙදර ගිහින් චෙන්ජ් කරගමු."
"එපා මෙහෙම හොදයි."
"සස්... මම කිව්වා ඔහොම යන්න බෑ කියලා." මම ආයෙ මිනිහා දිහා බැලුවා. ගිනි පිටවෙන ඇස්. ඇයි දැන් එකාතකට මම මූට බය වෙන්න ඕනේ."හා හා..." මේකයි බය නෙවේ ඒ... ආයෙත් වලි දා ගන්න කැමති නැති නිසා. මොකද ඉතින් මේකෙන් පස්සෙ මම කොහොමත් මූ එක්ක වැඩ කරන්නෙ නෑනේ.
"හොද කොල්ලා... ඇදුම් ගෙනාවා නේද? මගෙ ඇදුම් ටිකක් ලොකු ඇති..." මගෙ ඇගම ස්කෑන් කරන ගමන් වනීශ් ආයෙ කියනවා.
අද මම කොණ්ඩේට ගන්න ජෙල් එක ඉවර නිසා කොණ්ඩේ නිකන්ම දෙකට බෙදලා ඔහේ වැටෙන්න දීලා තිබ්බෙ.. (ඔන්න පහළ ෆොටෝ එකෙ ඉන්නවා සස්වීක)
YOU ARE READING
💙ඔබ අභියස🖤 (Complete)
Non-Fictionමතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව.... ❤🥺 ඔබ අභියස පමණි මට සැනසීම..... කොතෙකුත් ඇතත් මා වටා සතුට හිමි වූයේ දුකද හිමි වූයේ ඔබ අභියස පමණි ❤