39

693 105 40
                                    

ඇස් වලින් උතුරන්න කදුලු වැටෙනකොට එක්කෙනෙක් වෙඩින් එක ලෑස්ති කරනවා. බෝතලෙයි සිකරට් එකටයි පිං සිද්ද වෙන්න  මම තාම යහතින්. මගෙ ඇස් ඉස්සරහා මගෙ මිනිහා කරගෙන හිටිය එකා වෙන එකෙක් එක්ක ලව් කරේ ඌගෙ නංගිව මට දෙන්න. දැන් මට මේ ජිවිතේ කරුමයක් වෙලා. විශ්වාස කරන්න බැරි අපි ආදරේ කරන අය කොහොමද අපිව මෙච්චර රිද්දන්නෙ...

"අයියා අපේ වෙඩින් එකට මොකක්ද අදින්නෙ ඔයා..." මගෙ අතේ දැවටිලා නිසා හිනා වෙලා කියද්දී මගෙ පපුවම පිච්චෙන්න ගත්තා. මම මේ පොඩි කෙල්ලට ආදරේ කරන නිසා. මගෙ නංගි වගෙ. වයිෆ් කෙනෙක් විදියට තාම මෙයා දිහා බලන්න මට ශක්තියක් නැති වුන නිසා මම මොකක් කරන්නද කියන මානසිකත්වෙන් හිටියෙ මම. නැති හැගීමක් පෙන්නන්න කොහොමද මම.

"කෝට් එකක් අදිමු..."
"එත් අයියා කිව්වේ නිලමේ හොදයි කියලා."
"නිලමේ..."
"ඔව්..."
"අයියට ඕනෙ නම් ඇද ගනි. මට සැහැල්ලුවෙන් ඉන්න ඕනෙ..."
"එත් අයියා..."

"මොකද මොකද මෙතන වෙන්නෙ... මොකො මූණ බෙරි කරගෙන ආ... මූ මුකුත් කිව්වද? නිසා මට කියන්න.." සස් ආවාම මම ගනන් ගත්තේ නෑ. ගනන් ගන්න මට ශක්තියක් නෑ...

"අයියට නිලමේ අදින්න බෑලු..."

"ඒ මොකො එයා අදින්නෙ නිලමේ.." එයාට මන් ගැන තිරණ ගන්න තිබ්බ අයිතිය එයා නැති කරගත්තෙ නැද්ද?

"මම කොට් එක අදින්නෙ..."
"නෑ නිළමේ.."
"හේයි මිස්ට. තමුන් සකුන්ට නිලමේ අන්දන්න හැදුවා නම් මොකද? නංගිගෙ හස්බන්ඩ් වෙන්න හිටියත් මම තමුන්ගෙ හස්බන්ඩ් නෙවේනෙ මට අණ දෙන්න..."
"වනීශ් මගෙ නංගිගෙ වෙඩින් එක වෙන්න ඕනේ මට ඔනේ විදියට."
"නංගිගෙ අයිතියට වඩා මම මගෙ වෙඩින් එක ගැන බලන්නම්.."
"වනීශ්..." එයාගෙ සද්දේ වැඩි වුනා... ඔක්කාරයක් එක්ක මගෙ ඔලුව රිදෙන්න එනකොට මට එතනින් යන්න ඕනේ වුනේ...

"අපි කතා කරන්න ඕනේ.. නිසා මට තප්පරයකට වනීශ්ව ගන්න ඕනේ නංගා..." සස් මාව ඇදගෙන යන්න හදද්දී මම අත ගසලා දැන්මා...

"වනීශ්..." මගෙ කම්මුලට සස් ගහපු පාරට කම්මුල් දෙදරද්දී හිර කරගෙන හිටිය වමනේ නිකන්ම එළියට ආවා. ඒ අස්සෙන් ලේ නහයෙන් ගලද්දී මට වඩා නිසා බය වුනා

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now