40

1.7K 151 118
                                    

"අයියෙ මොකද මේ..." නිසාංකා සස්ගෙ ඇස් වල කදුලු පිහදාලා නැගිට්ටෙව්වේ මගෙ ඉස්සරහදී... හිත කැඩෙන්න රිදෙනකොට එයාගෙ කදුලු හීනෙන් වැටුනත් මම වෛර කරා.

"පෝරුව... පෝරුව... එපා... එපා..." කියාගෙන නැගිට්ට සස්ට හොදටම දාඩිය දාලා කදුලුත් බේරෙනවා.

"මොකක්ද අයියා වුනෙ ඇයි මේ බය වෙලා..." සස්ගෙ ඔලුව අත ගාන ගමන් නිසා කියනකොට මම අහක බලාගත්තා එයාව එහෙම දැක්කාම මට ගිහින් තුරුල් කරගන්න හිතෙනවා. ඒ නිසාම මම කාමරෙන් එළියට යන්න හැදුවා.

"ඔයාලා ආවේ ඇයි?" සස්ගෙ හඩෙ දුර්වල වුනත් ස්ථිර හඩක් තිබ්බේ...

"අම්මා කිව්වා ඇදුම් ගන්න අයියා එක්ක යන්න කියලා මෙයා ෆිටෝන් කරන්න බෑනේ මගෙ ඉස්සරහා..."

"මට කණ්නාඩියක් තිබ්බාම ඇති.." මම සැරෙන් කිව්වා..

"එයාට පුලුවන්නෙ තනියම..."
"අනේ අයියෙ ඔයා මෙයා ගැන දන්නෙ නැද්ද අනෙ.."
"මම දෙව්ට එන්න කියන්නම්... එයා අද ෆ්‍රී..."
"මූ ගෙ දෙව් ඉන්නවා නම් මොන එහෙකටද බං මම ඕනේ... එක්කන් පලයන්කො... හිසරදයක්..."
"මම යන්නම් නිසාංකා.." මම කියලා එන්න ආවා.

"පලයන්... මගෙ දෑහින් මට ආයෙ පෙන්නෙ නැති වෙන්නම පලයන්... උඹ මට වදයක්..." සස්ගෙ වචන වලින් මට රිදෙනකොට මම ආයෙත් නිසා දිහා බැලුවා. එයා පොඩ්ඩක්වත් පුදුම වෙලා නෑ... මම යන්න ආයෙ අඩිය තිබ්බා...

"ඔය දෙන්නා හිතන් ඉන්නෙ මම පොට්ටයෙක් කියලද?" නිසා කියද්දී මම ඒ දිහා බැලුවේ සස්ගෙ මූණත් බලන ගමන්..

"මොකක්ද නිසා කියවන්නෙ..."
"ඔයාලා කවදද මට කියන්නෙ..."
"මොනවා කොහොම කියන්නද?"
"අයියෙ ඔයා වෙස්සන්තරද? හොද පවුලක් ඇවිත් ඉල්ලුවාම දෙන්නම බලාගන්න බැරි නිසා ඔයා දුක් විදින්න තෝර ගත්තා, ඔෆිස් එකෙ මුල්ම දවස් වල මගෙ වැරදි ඔයා අරන් එවායෙ පනිශ්මන්ට් ගත්තා... ඔයා කවදද මට කියන්න යන්නෙ මම ඔයාගෙ ආදරේ උදුරගත්තා කියලා..."

මම වගෙම සස් ලොකුවට අවුලෙන් හිටියෙ.... මොනවද මේ කියවන්නෙ...

"මොනවද නිසා ඔයා මේ කියවන්නෙ..." සස් කියවන් යද්දී මම කටපියන් හිටියෙ මට තවත් බොරු කියලා වැඩක් නැති නිසා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now