09

901 145 40
                                    

කොටුවට ආවේ 5ට විතර. ට්‍රැෆික් කියන්නෙ විනාඩියෙන් විනාඩිය. මෙහෙම යද්දී වනිශ් එක්ක කතා නොකර ගිහින් මූ නිදා ගත්තොත් මට වෙන්නෙ අවුරුදු 23න්ම මැරිලා යන්න.

"කන්න මොනවා හරි ගමුද?" මම කතා කරා.
"ඉන්න සුදු ඔය පිටිපස්සෙ පෙට්ටියක් ඇති ගන්න එක..."
"ඔයාට බැරිද ඔය සුදු කියන එක නවත්තන්න..." මම සැරෙන් ඇහුවා.
"බෑ.. සස් සුදු කියන එක ලේසි... කෝ ගන්න..."
"ඔයා දන්නවද ඔයා හෙන වදයක්."
"කමක් නෑ ඔයාට විතරයි වද දෙන්නෙ."
"ඇයි මගෙ ජිවිතේ අපායක් කරන්න ඕනේ නිසාද?"
"එකම කියවන්න එපා සස් ගෑණියෙක් වගෙ."
"මම කටවහ ගන්නම්"
"සුදු මේ අහන්න... මාත් එක්ක අද වත් හොදින් ඉන්න බැරිද?"
"හරි හරි..."
"මගෙ හොද කොල්ලා... කවුරුත් නෑ අපිට වද දෙන්න දැන්" එහෙම කියද්දිම මගෙ ෆෝන් එක රින්ග් වුනේ ටයිම් සෙට් කරපු බෝම්බයක් වැදුනා වගෙ. මම කෝල් එක අන්සවර් කරා.

"හලෝ..."
"හලෝ නංගා කියන්න"
"අයියා මාව බේරගන්නකෝ" විහාරාගෙ හඩ ගොඩාක් බයෙන් තිබ්බේ.

"කියන්න මොකක්ද වුනේ..."
"අනේ පොඩ්ඩා මගෙන් කැමැත්ත අහනවා අයියෙ. අද බලෙන් කිස් කරන්නත් ආවා. මොකක් හරි කරන්නකො... අම්මා අප්පච්චි මේවා දැනගත්තොත් බයයි අයියා."

"මම පොඩ්ඩට කතා කරන්නම් හරිද හොද ලමයා වගෙ අඩන්න එපා."
"අයියට අවුලක් නැත්තම් විතරක් පිලිස් අයියා." මම ඒ වෙව්ලන කටහඩට බය වුනා. මම ගෑණුන්ට ආදරේ කරන්න බැරි වුනත් ගෞරව කරන මිනිහෙක්. මාර්තා අම්මා මාව ලොකු කරේ එහෙමයි...

"මම අනිවා කතා කරනවා. ඔයාගෙ දේවල් මට අවුලක් වෙන්න බෑනේ.." මම හිත හදන්න කිව්වා. එත් එක්කම මේ මී හරකා බ්‍රේක් කරපු නිසා ෆෝන් එක ඔඩොක්කුවටම වැටුනා.

"මිස්ට වනිශ් පොඩ්ඩක් ඇටෙන්ශන් වෙලා ඩ්‍රියිව් කරන්නකො." මම කිව්වාම ඒ අත් වෙව්ලනවා.
"හා සර්.. සොරි..." කවදාවත් නැතුව මට හිතුනා වනිශ් මම වෙන අය එක්ක ඉන්නවට කැමති නෑ කියලා.

"සොරි විහාරා. මම පොඩ්ඩා එක්ක කතා කරන්නම්. මම එහෙනම් දැන් තියන්නම් පැටියෝ... බුදුසරණයි පරිස්සමෙන් ඉන්න.."
"ඔයත් පරිස්සමෙන් බුදුසරණයි!"

මම ෆෝන් එක තියලා බැලුවේ වනියා දිහා රවාගෙන ඔරෝගෙන... දැන් නුවරට ගොඩාක් ලග නිසාම මම පොඩ්ඩට කෝල් එකක් ගත්තා. ඇත්තටම මම මොකක්ද කරන්නෙ කියලා නොතේරෙන බබෙක් වගෙ.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now