21

756 132 50
                                    

"වනීශ් මම යනවා.." වනිශ්ව ගෙදරට දාලා මමත් ආයෙ බෝඩිමට යන්න හැරුනා.

"එයි මෙන්න මෙහෙ ඉන්නවා... මම කිව්වනෙ මාත් එක්ක ඉන්න කියලා."
"පිස්සු කෙලින්න එපා විරාජ් තාම මේ මගුල් දන්නෙ නෑ. කේන්ති ගියොත් මගෙ මරණෙ එයි.."
"ඇත්තටම කියනවා ඌ එක්ක තෝ extra love එකක් කරනවද?"
"තෝ වගෙ වල් බූරුවෙක්ට තේරෙන්නෙ එච්චර තමයි. ඒ මනුස්සයා මගෙ අයියා. එයාගෙ නැති වුන මල්ලි මම. එතනින් එහාට ඌට හතර වටේම ගෑණු මට බෑ ඌන්ගෙන් ගුටි කන්න.."
"එත් මම කියනවා ඔය මොන රිලේශන්ෂිප් එක වුනත් දුරින්."
"හේයි මේ අහන්න... මට බෑ තමුසෙ නිසා මගෙ අයියාවයි අම්මාවයි අයින් කරන්න. දැන් තමුසෙත් ගෙදර යනවා. හෙට ඔෆිස් එනවා මම ගියා."
"ඕයි ගුට් බායි කිස් එකක් වත් දීලා පලයන්කෝ..."
"හේයි... මේ තොට කිස් මාන්දමද? උදේ නැගිටින්නෙ ඉල්ලගෙන අනේමන්දා"
"සස් තමුසෙට කලින් කොල්ලෙක් හෝ කෙල්ලෙක් හිටියද?"
"නෑ හැබැයි😂💔"
"කමක් නෑ කල් යද්දී හුරු වෙයි. හුරු වෙද්දී මගෙ කෙස් යයි..."

තව මොනවද කුටු කුටු ගගා වනීශ් ඇතුලට යද්දී මමත් හරවලා අරගෙන ගියෙ බෝඩිමට. දැන් වෙද්දී විරාජ් ඇවිත් නම් බොරුව මාට්ටූ.

බෝඩිමට ආවාට මෙලෝ බලු බල්ලෙක් නෑ... විරාජ් ඇරෙන්න අනික් ඌන් හිටියා කියලා කොහොමත් මෙලෝ චාරයක් නෑ... ඌන් නිකන් ගෑනු වගෙ. ඇදේ ඇලවෙලා මම එදා බලපු ඩ්‍රාමා එක දාගත්තා බලන්න... kinnporsche මොනවා නැතත් මේක 21+ එකක්ද මන්දා... ආතල් එකට වගෙ යටට යටට කමේන්ට් බලන් ගියා. වැඩි හරිය කෙල්ලෝ... අම්මේ ඉතින් මූන් තමා දවසකටවත් ගෑණු. ඒ අතරෙ දැක්කේ හුරුපුරුදු මූණක්. ආයිශ් අර බීච් එකෙ...

ඔව්වා මෙව්වා බලන්න කලින්ම විරාජයා කාමරේට පැන්නා.

"මොකො බල්ලෝ..."
"තෝ කැම්පස් ගිහින් මොකො කරේ.."
"කැම්පස් ගිහින් පැම්පස් ඇදගත්තා."
"මැණික මේ අහන්න..." විරාජ් ඇදේ නිදාගෙන මගෙ ලගටම ඇවිත් මාව බදාගත්තා. මූ පැනඩෝල් සිරප් එකක්වත් වැරදිලා අරන්ද?

"මොකො මේ..."
"මට බඩගිනි... වගෙම තිබහයි... මගෙ මල්ලී මට හොද කුක්කු එකක් හදලා දෙයි කියලා අහිංසක මම හිතනවා."

"උඹ නම් සාපයක් බං..."
"අනේ ඒයී.... ඉන්නෙ එකයි ඌට සලකපන් දෙවියොන්ට වගෙ..."
"අනේ නිකා පලයන් බං යන්න.."
"මම නැති වුනොත් තේරෙයි නේද අයියගෙ අගෙ..." මම වැඩිය කියවන එක එතනින් නතර කරා. නොකිව්වට වෙනමම ප්‍රශ්නෙක කොල්ලා ඉන්නෙ... එයා එහෙමයි මගෙ ප්‍රශ්න අපේ.. එයාගෙ ප්‍රශ්න එයාගෙ... මූ සෙල්ලක්කාරයෙක් නොවුනා නම් නෙවේ දැන් එකක් බැන්දා නම් අනිවා මූ අනිවා එකිගෙ ජිවිතේ ෆට්ටම පරිස්සම් කරයි ඒ තරම් අවංක මනුස්සයෙක්.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now