-Chapter 2-

1.5K 287 25
                                    

"පලයංකෝ බල්ලෝ ඉන්න දීලා..." අයෙක් මහ හයියෙන් කෑ ගැහුවේ එයාගේ හොදම යාලුවෝ දෙන්නා උදේ පාන්දර ඇවිත් එයාගේ ඇදේ, සැප නින්දක උන්න එයාගේ ඇගට පැන්න නිසා කියලා හිතනවා නම් ඔව් ඒක හරී...

"වී බම්ලෝ නැගිටපං බං බලපංකෝ පලවෙනි ලෙක්චර් එක ඉවර වෙන්නත් ලං වෙනවා..." වී, එහෙමත් නැත්නම් කිම් ටේහ්යුංට එයාගේ හොදම යාලුවා උන යුන්ගි කෑ ගැහුවා...

"අද යන්න බෑ බං, බලපං ඊයෙ එද්දී කීයද කියලා..." ටේහ්යුං කන් කෙදිරි ගාලා ආපහු ඩුවට් එක ඔලුවේ ඉදන් පොරෝ ගත්තා... ඒත් ටිකකින් තමන්ගේ යාලුවෝ දෙන්නගෙන් කිසිම සද්ධයක් නැත්තේ ඇයි කියලා හෙමීට ඩුවට් එක පහල් කරලා එක ඇහැක් විතරක් ඇරලා බලපු ටේහ්යුංට දකින්න ලැබුනේ ඉතින් ලස්සන දර්ශනයක්...

යුන්ගී එයාගේ ආදරණීය, සදාදරණීය පෙම්වතා උන හොබීව තමන්ගෙම ඇද උඩ ඉදගෙන කිස් කරනවයි ටේහ්යුංට දකින්න ලැබුනේ... යුන්ගිගේ එක අතක් මේ වෙද්දිත් හොබීගේ ෂර්ට් එක අස්සේ තියෙද්දී අනිත් අත තිබුනේ ඉතින් යුන්ගි හොබීගේ ආසම තැනකයි... හොබී අත් දෙකෙන්ම යුන්ගිගේ කොන්ඩේ අදිමින් උන්නා...

"බැහැපිය බල්ලෝ දෙන්නා ඒ පාර තොපි මගේ ඇද උඩ හු*** තියා ගත්තද?" ආදරයෙන් වෙලිලා උන්න ජෝඩුවට පයින් පාරක් දුන්න ටේහ්යුං බැන බැනම වොශ්රූම් එකට ගිහින් ගැලවිලා යන තරම් හයියෙන් දොර වහලා දැම්මා...

ටේහ්යුං එයාගේ හොදම යාලුවෝ දෙන්නා උන යුන්ගි, හොබී දෙන්නත් එක්කම යුනිවර්සිටි එක ඇතුලට ගියේ දෙවනි ලෙක්චර් එකත් පටන් ගන්න ටයිම් එකටයි... ඇත්තටම ටේහ්යුංට මේ දේවල් වලට බනින්න තරම් ධෛර්යයක් තියෙන යුනිවර්සිටි එක ඇතුලේ උන්නේ එක්කෙනයි ඒත් ඒ කෙනා අකමැතී මේවට ටේහ්යුං එක්ක පැටලෙන්න... අනික ටේහ්යුං පහලට වැටෙන තරමට එයාට වාසී... ඉතින් ඉගෙනගන්න කියන හේතුවට එයා ටේහ්යුංට අවවාද දුන්නේ නෑ...

"ඔය කොහෙද උබ යන්නේ? හෝල් එක අර පැත්තේ බං" වෙනත් පැත්තකට යන ටේහ්යුංට යුන්ගි කතා කරා...

"කවුද දැන් කිව්වේ මං අද දෙවනි ලෙක්චර් එකත් කට් නොකරනවා කියලා... උබලට ඕන නං පලයං" ටේහ්යුං යුනී එකේ ග්රවුන්ඩ් එක පැත්තට ඇවිදගෙන ගියේ විසිල් එකකුත් ගහන ගමන්මයි... ටේහ්යුංට යුනිවර්සිටි එකේ ඉන්න ප්‍රොෆෙසර්ගේ ඉදන් අලුතෙන් ආව ලමයා දක්වා බය උනත්, කෙල්ලෝ එහෙම ටේහ්යුංට බයෙන් උනත් පැණි හැලුවා... මොකද කොල්ලා මොන වැරැද්ද කලත් මාරම හොට් ප්ලේ බෝයි කෙනෙක්නේ... අදත් ඉතින් ගැම්මෙන් ග්රවුන්ඩ් එක පැත්තට යන ටේහ්යුංව දැක්ක කෙල්ලෝ කෑ ගහන්නත්, සමහරු කලන්තේ දාන්නත් තියා ගත්තා... ටේහ්යුං ඔය කාවවත් ගනන් ගන්නේ නැති බව ඇත්ත ඒත් ස්ලෝ මෝශන් එකෙන් තවත් ටිකක් ගැම්මෙන් ඇවිද්දේ ඔය කෑ ගහන කෙල්ලන්ට පේන්න තමයි...

MY TOPS|VMK|✔Where stories live. Discover now