-Chapter 7-

1K 240 17
                                    

"අද එනවද?

"කොහෙද?"

ජන්කුක්ගේ අතට බෙහෙත් දානකං ටේහ්යුං, ජිමින් දෙන්න එලියට වෙලා උන්නා... ඒ අතර ජිමින් ටේහ්යුංට කතා කරා-

"අපේ ගෙදර ඕයි.."

"ඒ මොකටද?"

ටේහ්යුං ගහගන්න වගේ කතා කරන ගමන් දොර දිහා බැලුවා... ජන්කුක්ගේ අත ඕනාවටත් වඩා රතු වෙලා තිබුණ නිසා ටේහ්යුං බය වෙලා උන්නේ...

සමහර දවස් වලට ටේහ්යුං කොල්ලන්ට සිහි නැති වෙනකං ගහලා දාලා පැත්තවත් බලන්නේ නැතුව ඇවිත් තියෙනවා ඒත් අද සහ කෙනා අනුව ටේහ්යුංගේ තත්වය හාත්පසින්ම වෙනස් වෙලා ගිහින්...

"මං කොහොමද දන්නේ?"

ජිමින් උරපතුත් ගසලා කියද්දී ටේහ්යුං ජිමින් දිහා බැලුවේ මූ කොහෙන් ගොඩ බැහැපු ජීවියෙක්ද කියන්න වගේ...

"එහෙනම් එනවද අහන්නේ? මොනාද උදේට කෑවේ? පිස්සු තද වෙලාවත්ද?"

"මට ඇති පිස්සුවක් නෑ ඊයෙ ඩෑඩ් කිව්වා කිම් අප්පලා හෙට ගෙදර එනවා කියලා ඒකයි ඇහුවේ? අනික මට නෙවෙයි උදේ පාන්දර පිස්සු තද වෙලා උන්නේ තමුන්ට- මොකද තමුසේ මමයි අර ලමයයි උන්න තැනට ආවේ?"

ටේහ්යුං විරුද්ධව ජිමිනුත් කට ඇරියා...

"පලවෙනි එකට උත්තරේ නම් මං එන්නේ නෑ... දෙවනි එකට උත්තරේ තමුන්ට වැඩක් නෑ... අතිරේක කාරණාව මට පිස්සු නෑ..."

ටේහ්යුං ජිමින්ව ගණන් ගන්නේ නැතුව එහෙම කියලා ගස්සලා අහක බලාගත්තා... ජිමින්ට ටේහ්යුංගේ ඒ කියුට් දුෂ්ටකමට නම් හිනා ගියා.. ඒත් එක්කම වගේ ජන්කුක්ගේ අතට බෙහෙත් දාපු ඩොක්ටර් එලියට ආවා...

"එයාගෙ අත පොඩ්ඩක් පිච්චිලා විතරයි, එයාට තියෙන්නේ ටිකක් සංවේදී හමක් ඒකයි ඒ තරම් රතු වෙලා තියෙන්නෙ... බය වෙන්න එපා ටික දවසකින් ඒක අඩු වෙලා යයි..."

"තෑන්ක් යූ ඩොක්ටර්..."

ජිමින් විතරක් ඩොක්ටර්ට ස්තූති කරා... ඩොක්ටර් හිනා වෙලා එතනින් යන්න යද්දී එතනට ජින්, නම්ජූන්, හෝසොක්, යුන්ගි හතර දෙනාම ආවා... ජින් කතා කරේ කලබලයෙන්- මොකද එයාලා පස්සෙයි හරිම විස්තරේ දැනගත්තේ...

MY TOPS|VMK|✔Where stories live. Discover now