-Chapter 25-

934 227 15
                                    

"අපි ඒ තරම් දෙයක් කලාද කෙනෙක්ට ඒක මතක් කර කර සතුටු වෙන්න තරම්..."

ටේහ්යුං එයාගේ ගැඹුරු වොයිස් එක අවදි කරලා ජන්කුක්ව ආපහු පාරක් බය කලා... ජන්කුක් බය උනු පාර බිමටත් වැටුනාම ජිමින් ඉක්මනට එයාව නැගිට්ටවන්න ආවේ ජන්කුක් තවමත් පපුව අල්ලන් උන දේ හිත හිත ඉද්දීයි...

"තමුසෙට ඇත්තටම එක මොහොතක් මේ ලමයව බය නොකර ඉන්න බැරිද ආ? කුකී ඔයා හොදින්ද?"

ජිමින් ටේහ්යුංට බැන බැනම ජන්කුක්ව නැගිට්ටුවා...

"ඔ-යාලා කොයි වෙලේද මෙතනට ආවේ?"

"ඇයි මේක ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඔයාට ලියල දුන්න පාරක්ද? අපිටත් පුලුවන් මේ පාරේ එහේ මෙහේ යන්න"

ටේහ්යුං සැරෙන් කියද්දී ජන්කුක් ආරක්ෂාව පතා ජිමින්ට කවර් උනා...

"යා ඇයි එයාව බය කරන්නේ? යනව යන්න"

ජිමින් ටේහ්යුංව තල්ලු කරලා දැම්මා...

"අපි දිගටම ඔයාලගේ පස්සෙන් තමයි ආවේ කුකී... පස්සෙ ඉතින් අපේ තවත් මිශන් එකක් success වෙලා ඔයා තනියම කා එකෙන් බැහැලා මෙහාට ආවනේ... ඉතින් අපිත් බැහැලා ආවා..."

"හැමතිස්සෙම බය උනාට මොකද මෙයාට තියෙන්නේ කකුල් දෙකක් නෙවෙයි... ආහ් තමුසේ ඇවිදින වේගෙට අපිට දුවලත් අල්ලගන්න බැරි උනා.."

"ස්තූතියි හියුන්ලා..."

ජන්කුක් ජිමින්, ටේහ්යුංට ඔලුවත් නවලා ස්තූතියි කලා... ජන්කුක්ට එයාලා අද කරපු උදව්ව ගොඩක් ලොකු එකක් එයාලා එතන උන්නේ නැත්තේ ජන්කුක්ට ජීහාන්ගෙන් මොනා මොනා සිද්ධ වෙයිද දන්නෙත් නෑ...

"ඕක මොකක්ද ඉතින්"

ජිමින් ජන්කුක්ගේ කොණ්ඩේ ඇවිස්සුවාම ජන්කුකුත් හිනා උනා... ඒත් ටේහ්යුං,

"ඒ මිනිහා අච්චර දෙයක් කරනකං තමුන් මොකද මුකුත් නොකර බලාගෙන උන්නේ ආහ්... කියනවා බලන්න ඔච්චරටම අහිංසක වෙලා තමුසේ හොදින් ජීවත් වෙන්න පුලුවන් කියලා හිතනවද? තමුන්ට කවුරුහරි කරදරයක් කරනවා නම් උට මැරෙන්න හරි පාරක් ගහ ගන්න බැරිද? අඩුම කෑ ගහනවා ඒ වෙලාවට... එතකොට පුලුවන් කෙනෙක් ඔයාට උදව් කරයි අර වගේ කට වහගෙන ඉන්නේ නැතුව තේරුනාද?"

MY TOPS|VMK|✔Where stories live. Discover now