-Chapter 3-

1.2K 276 20
                                    

"ඇත්තටම මෙච්චර දක්ෂකමක් තියාගෙන ටීම් එකෙන් ගියපු එක අපරාදේ නැද්ද?"

"උබට මොකටද? කෝමත් උබට හොද මං වැටෙන තරමටනේ... හැමෝටම හොද මූණ දාගෙන උන්නට මං දන්නවා උබේ බොරු වෙස්මූණේ ඇත්ත තත්වේ- රගපාන එක නතර කරනවා ජිමින්..."

"ඩෑඩ්ලා කිව්ව දේ ඔයාට තදටම වැදිල වගේ.."

"ඇයි උබ කැමතිද ඒකට?"

"පිස්සුද උබට? සිරාවටම උබ මං ගැන හිතන්නේ එහෙමද?"

"කවුද දන්නේ උබට ඒක ඕන වෙලාද කියලා... මගේ යට කෑ ගහන්න වගේ-"

"හහ් උබේ යට- නෝ ටේහ්යුං ඒක උබේ දවල් හීනයක් තමයි... කවදාවත් නෑ දැන්වත් ඇහැරෙනවා ඕයි"

වෙන අයට ටේහ්යුං සහ ජිමින් බෝලෙට පොර බදනවා වගේ පෙන්නුවට ඇත්තටම බෝලේ ගන්නවට වඩා එයාලට කතා කරන්න දේවල් තිබුණා... දෙන්නගෙන් එක්කෙනෙක්වත් තවත් කෙනෙක්ට යටත් නොවෙන නිසා ඇත්තටම එතන කතාබහ ඒ තරම් සුහදශීලී නෑ... ජිමින්, ටේහ්යුං දෙන්නගේ කතාබහ සාමාන්‍ය එකක් උනේ කවද්ද? එයාලා කතාව පටන් ගන්නේ ගහගන්න ඔන්න මෙන්න එතකොට ඉවර කරන්නේ ගහගෙන...

"කවුද දන්නේ උබට එහෙම ආසාවල් තියෙනවද කියලා පාක් ජිමින්?"

"ඇත්තටම එහෙම ආසාවක් තිබ්බ නම් උබ වගේ හිතේ තියාගෙන නොයිද මං ඒක කරනවා... මොකද උබ වගේ මං බය නෑ කිම් ටේහ්යුං..."

බෝලය පැත්තකට විසික් වෙලා යද්දී ජිමින්, ටේහ්යුං දෙන්නා එකපාරටම පිට්ටනිය මැද ගහගන්න පටන් ගත්තා... නරඹන්නන්ගේ අත්පොලසන් නාදය මැද ටේහ්යුං, ජිමින් දෙන්නා ගහ ගද්දී එතනට දුවගෙන ආවේ නම්ජූන් වගේම ජින්...

ජිනුත්, නම්ජූනුත් දෙන්නා එකතු වෙලා වලිය මැදට පැනලා ටේහ්යුං ජිමින් දෙන්නව දෙපැත්තකට කරන්න ට්‍රයි කරත් ඒක අසාර්ථක උත්සාහයක් උනා... ඒත් ඒ වෙද්දී ග්රවුන්ඩ් එකේ යන වලිය ගැන ආරංචි වෙලා තිබුණු සෝප් ඩබලත් එතනට ආවා... ඊලගට හතර දෙනාම එකතු වෙලා වලිය නතර කරේ අරහෙන් මෙහෙන් එයාලටත් පාරවල් දෙක තුනක් වද්දගෙනමයි... අවසානයේ හැමදාම වගේ හය දෙනා හිටගෙන උන්නේ යුනිවර්සිටි එකේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ඉස්සරහයි...

MY TOPS|VMK|✔Where stories live. Discover now