-Chapter 8-

1K 241 7
                                    

"ජී-හාන් හියුන් අ-අපි ගෙදර යමු..."

ජන්කුක් වෙව්ලමින් කිව්වා...

"අපි මේ යන්නේ ගෙදර තමයි බේබී... ඔයාගෙයි මගෙයි ගෙදරට, ඒක මං හැදුවේ අපි දෙන්නටමයි... ඔයාව මගේ කරගන්න හීන මවපු හැමදාකම මං දැක්කා ඔයයි මායි මේ ගෙදර කාලය ගත කරනවා... මං අපිට ලොකූ බෙඩ් රූම් එකකුත් හැදුවා- ඔයා ආස නිසාම ඒක බ්ලැක් කලර් කලා..."

ජීහාන් වාහනය ඩ්‍රයිව් කරන ගමන් පිස්සුවෙන් වගේ එයාගේ හීන ලෝකයක් ගැන ජන්කුක්ට කිව්වා... එයා ගොඩක් ජන්කුක්ට කැමතී ඒත් ඒ කැමැත්ත අයිතිකර ගැනීමක්, ආශාවක්, ලබා ගැනීමක් වගේ දෙයක්...

"ඔයයි මමයි විතරක් ඒ ගෙදර ඉමූ... අපි අපේ ලෝකෙක ජීවත් වෙමු බේබී... ඔයයි මමයි විතරයි කවුරුත්ම ඕන නෑ... මං එද්දී ඔයා මං වෙනුවෙන් හදලා තියෙන කෑම කන්න මං ගොඩක් ආසයි... ඔයා මට කෑම කවන විදිහ, අපි එකිනෙකා වෙනුවෙන් ජීවත් වෙමු බේබී... ඔයාට වෙන කාගෙවත් වෙන්න මං ඉඩ තියන්නේ නෑ..."

ජීහාන් අවසානයේ එයාගේ කතාව නතර කලේ කා එක ලොකු ගේට් එකකින් ඇතුලට දැම්මට පස්සෙයි... ජන්කුක් ඒ ගෙදර දිහා බැලුවා- ඒක ගොඩක් විශාලයි වගේම කියාගන්න බැරි තරම් සුන්දරයි... එතකොට ජීහාන් මේක හැදුවේ ජන්කුක්ටයි එයාටයිද?

"බහින්න බේබී කා එකේ ඉදන් සේරම බලන්න බෑ..."

ජන්කුක්ගේ අතින් පහසුවෙන් අල්ලගත්ත ජීහාන් ජන්කුක්ව එක්කගෙන ඒ ලස්සන ගෙදර ඇතුලට ඇතුල් උනා... ජන්කුක් උන්නේ ගොඩක් පුදුම වෙලා මොකද ඒ ගෙදර ජන්කුක් හීන මවපු සිහින ගෙදරට සමාන උනා... ජීහාන් එයාව හුගක් ෆලෝ කරලා කියලා ජන්කුක්ට තේරුනේ ඒ වෙලෙයි..

ජන්කුක් කැමතිම විදිහට ජීහාන් ඒ ගෙදර නිර්මාණය කරලා තිබුණා... එයා ජන්කුක්ව එක්කගෙන පඩිපෙල නැගලා කාමරයකට ඇතුල් උනා... ජන්කුක් ඒ කාමරේ මොකක් සදහාද කියලා එක තත්පරෙන් අදුර ගත්තා... එතකොට මේකයි ජීහාන් කිව්ව බෙඩ් රූම් එක?

"ඔයයි මමයි දවසක මේ කාමරේ එකට නිදාගනී නේද බේබී..."

ජීහාන් ජන්කුක්ගේ බෙල්ල මතින් තොල් තිබ්බා... ඊලගට වෙන්න යන දේ ජන්කුක් දන්නවා ඒත් එයාට ජීහාන් එක්ක හැප්පෙන්න තරම් ශක්තියක් නෑ... ඒත් ජන්කුක් ඒ මොහොතේ වාසනාවන්ත උනා... ජීහාන්ට කෝල් එකක් ආවා..

MY TOPS|VMK|✔Where stories live. Discover now