-Chapter 17-

807 200 7
                                    

"ඔයා කියන්නේ ජන්කුක් ඔයාට කියලා මගින් බැහැගත්තා කියලද?"

ජින් අහද්දී ජිමින් ආපහු පාරක් ඔලුව වනලා කතා කරා...

"ඔව් දැන් කී සැරයක් කිව්වද? එයාව මං ගෙදරටම දාන්න හැදුවත් එයා මගින් බැහැලා පයින් තමයි ගියේ..."

ජිමින් ඊයේ හවස ජන්කුක්ව ගෙදරින් බස්සන්න යද්දී උන සිද්ධිය ආපහු පාරක් එයාගේ යාලුවෝ දෙන්නට විස්තර කලා...

"ඔයා කොහොමද හරියටම කියන්නේ එයා පයින් ඉතුරු ටික ගියා කියලා... කවුද දන්නේ ජන්කුක්ව එතන ඉදන් වෙන කෙනෙක් එක්කන් ගියාද කියලා..."

"ආ නම්ජූන් මං ඒ තරම් මෝඩයෙක් නෙවෙයි හොදද? එයා හදිස්සියෙන් කා එකෙන් බැහැලා 'හියුන් මං මෙතන ඉදන් යන්නම් මාව ඇරලුවාට තෑන්ක් යූ' කියලා යන්න ගියපු කෙනාව එතනින් පස්සේ අතඇරලා ගෙදර ආවේ නෑ මං... මමත් එයා පස්සෙන් ගියා හැබැයි එයා නම් දන්නේ නෑ මං පස්සෙන් ගියා කියලා..."

ජිමින් කතාව දිගටම කියාගෙන ගියා... එයාලා උත්සාහ කලේ ජන්කුක් නැවතිලා ඉන්න තැන බලාගන්න ඒකෙන් එයාලට එයාලා දැන් ඉන්න සැකේ දුරු කරගන්න අවස්ථාවක් ලැබෙනවා..

"ඉතින්?"

"ඉතින් මං දැක්කා එයා ගෙදරටම යනවා... ආහ් මං ඇත්තටම හිතුවේ නෑ ජන්කුක්ගේ ඩෑඩුත් ඒ තරම් පෝසත් කෙනෙක් කියලා... ඇත්තටම එයාට කිසිම දේකින් අඩුවක් ඇතී කියලා හිතන්න බෑ... ජන්කුක් ඉන්නෙත් ඒ ගෙදර කියලා දැන් ෂුවර් නේ ඉතින් අපි හිතුව දේවල් වැරදිද දන්නෑ..."

ජිමින් කියන්නේ නම් ඇත්ත... ජන්කුක්ගේ ඩෑඩ් ගොඩක් පොහොසත් සල්ලිකාර කෙනෙක්... එයාට කොරියාව තුල විතරක් නෙවෙයි තවත් රටවල් ගනනාවකම කම්පැනීස් තිබුණා... ඒවගෙන් හොද ආදායමකුත් ලැබුනා... නිකං නෙවෙයිනේ යූරා ජෙයොන්ගේ වයිෆ් උනේ

ඒත් ඉතින් එච්චර පොහොසත් ඩෑඩ් කෙනෙක් උන්නත් ජන්කුක් විදින දේවල් දන්නේ ඒ ගෙදර ඇතුලේම අය විතරයි...

"අනේ මංදා... මං හිතුවේ ජන්කුක්ගේ තුවාලයි, ජන්කුක්ට හරියට කන්න නෑ කියලයි ඩොක්ටර් කියද්දී ජන්කුක් ඉන්නේ පිට තැනකවත්ද කියලා... එතනින් එයාට හරියට සැලකිලි ලැබෙන්නේ නෑ කියලයි හිතුවේ... ඒත් ඔයා ඇස් දෙකටම ජන්කුක් එයාගෙම ගෙදර යනවා දැක්ක නම්- අනේ මංදා..."

MY TOPS|VMK|✔Wo Geschichten leben. Entdecke jetzt