-Chapter 46-

1K 216 54
                                    

ජන්කුක්ගේ අප්පා නැති වෙලා මාස තුන හතරක්ම ගෙවිලා ගිහින් තිබුණා... ජන්කුක්ට ඒ සේරම දේපල වල තනි අයිතිය ලැබුණත් එයා තවම ඒවා බාර නොගෙන ඉන්න තීරණය කරපු නිසා ජිමින්ගේත්, ටේහ්යුංගේත් පවුල් වලින් ඒක නඩත්තු කරගෙන යන්න කටයුතු කලා...

ජන්කුක්ට හැමදේම වගේ හිතුවෙවත් නැති විදිහට, හිතුවෙවත් නැති කාලෙකට ටිකච් හෙමින් හැබැයි ගොඩක් ලැබුනා... යුනී එකේ හැමෝගෙන්ම හැංගිලා උන්න ජන්කුක් දැන් ගොඩක් අයගේ කතාවට අහු උන චරිතයක් උනත් ආපහු කවදාවත් එයාට කවුරුවත් අත තියන්න හිතුවේවත් නෑ... එකක් එයාලට එහෙම උනොත් කන්න වෙන්නේ එක්කෙනෙක්ගෙන් නෙවෙයි දෙන්නෙක්ගෙන්වෙන නිසා... අනිත් එක ජන්කුක් කියන්නෙත් දැන් නිකං කෙනෙක් නෙවෙයි එයා තනි කම්පැනියක අයිතිකාරයෙක්... ගොඩක් හේතූන් මත ජන්කුක් දැන් ගොඩක් සතුටින් ඉන්නවා...

ඔයාලට මතකනේ ජන්කුක් මුල් කාලේ හරිහමන් කෑමක්වත් නැතුවයි උන්නේ කියලා... ගෙදර, පවුල එයාට අපායකට අන්ත තැනක් උනත් සේරම ඉවසං තනියම එයා ඒවා දරා ගත්තා කියලා... හැබැයි කාලේ දැන් වෙනස් වෙලා... ජන්කුක්ගේ ඇහැට කදුලක් උනන්නෙත් හුග කාලෙකින් හැබැයි ඒ කදුලත් සතුටු කදුලක් වෙන්න පුලුවන් ප්‍රතිශතේ ගොඩක් වැඩී... එයාට ඒ සේරම දේවල් ගෙනත් දුන්නේ පන උනත් දෙන්න කැමති ආදරවන්තයෝ දෙන්නෙක් නිසයි...

හැමදේම ගොඩක් සාමකාමී උනත් ජන්කුක්ට එක දෙයක් නම් තාමත් හදාගන්න බැරි උනා... ඒ එයාගේ ඇග ලොකු මොලේ මැටි තියෙන බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නා හැම නිතරම නයයි පොලගයි වගේ මරාගන්න එක... විනාඩියක් එයාලා සංසුන්ව උනානොත් විනාඩි දහයක් ඊගාවට ගහගන්නව නැත්නම් වලි අදිනවා... ජන්කුක්ට සංසාරෙන් එතෙර වෙන්න හිතෙනවා ඒ වෙලාවට මොකද එයාට ඒ වෙලේට කාගෙවත් පැත්තක්වත් ගන්න බෑනේ... එහෙම උනොත් අනිත් කෙනා මූණ පුම්බ ගන්නවානේ...

අදත් අති සාර්ථක විදිහට වලියක් ඇදගෙනයි මේ ඉන්නේ...

"ඔයාලව නම් හදන්නම බෑ... මං යනවා ජින් හියුන්ලගේ ගෙදර ආපහු..."

ජන්කුක් වලි අදින ජෝඩුවට කෑ ගැහුවත් එයාලට ඒක ඇහුනේ නෑ... ඒ දෙන්නා එයාව ගනන් ගන්නේ නැති නිසාම ජන්කුක් ගෙදරින් එලියට බැස්සේ ඇත්තටම ජින්ගේ ගෙදර යන්නයි...

MY TOPS|VMK|✔Unde poveștirile trăiesc. Descoperă acum