-Chapter 39-

999 236 120
                                    

ජිමින් ටේහ්යුංව අයින් කරලා අතිරේක ක්‍රීඩකයෙක්ව අරගෙන ආපහු තරගයට ගියා... එයා දන්නවා දැන් කෝමත් දිනුමක් නෑ කියලා, ටේහ්යුං හුගක් දක්ෂයි කියලා වගේම එයාලට එක ගෝල් එකත් අරගෙන දුන්නේ ටේහ්යුං කියලා... ඒත් ජිමින් අකමැතිම දෙයක් තමයි ටීම් එක ඇතුලේ සහයෝගයක් නැතිකම... ටේහ්යුං හුගක් හොදින් වැඩ කරගෙන ගියා හැබැයි එදා රණ්ඩුවෙන් පස්සේ ටේහ්යුං හිතාගන්නත් බැරි විදිහට හිටියටත් අන්ත විදිහට වෙනස් උනා...

ජිමින් ඒක හොදටම දන්නවා... වෙනදට එයා එක්ක ගහ ගත්ත ටේහ්යුං දැන් නෑ ටේහ්යුං එයාව දැක්කාම මග ඇරලා ගියා... ජිමින්ට ඒකට මොකක්ද හේතුව කියන්න මුලදීම තේරුනේ නෑ... ටේහ්යුං දෙයක් සීරියස් යන්නවා අඩුයි ඒත් ටේහ්යුං මෙතැනදී ගොඩක් සංවේදී වෙලා කියලා ජිමින්ට තේරුනේ නෑ...

ජන්කුක් සහ ජිමින් අතරේ යාලුකමක්, සහෝදරකට වඩා වැඩි දෙයක් වර්ධනය වෙමින් තිබුණත් ජන්කුක් ඒක හිතාමතාම වෙනස් කරනවා... ජිමින් ජන්කුක් එක්ක ඉන්න ට්‍රයි කරන හැම වෙලේම ජන්කුක් ටේහ්යුං ගැන කතා කරනවා... මාසයක කාලයක් කවුරුත් නැතුව උන්න ටේහ්යුංට වඩා ජන්කුක් ලගින් ඉදලත් ජන්කුක් එයාගේ නෙවෙයි කියලා හිත රිදුන ජිමින් ගොඩක් වේදනා වින්දා... 

හැමෝම දකින්නේ ජන්කුක් ජිමින් එක්ක ඉන්නවා විතරයි ඒත් ජන්කුක් දුකින් ටේහ්යුං නැතුව, ටේහ්යුං ගැන හිතන ජන්කුක් දිහා බලාගෙන ජිමින් දුකින් කියලා එයාලා දැක්කේ නෑ... ජන්කුක් උත්සාහ කලා එයාලා දෙන්නවම තියාගන්න ඒත් ටේහ්යුංගේ මග හැරීම ගොඩක් ප්‍රබල උනා... ජිමින් හියුන් කියන්නේ ජන්කුක් ගොඩක්ම කැමති හියුන් උනාට එදා එයා ජින්ට කිව්වා වගේම ජන්කුක්ට එයා විතරක් ඉද්දී එයා ගොඩක් හිස්... ජන්කුක් ඒක ජිමින්ට කියන්න උත්සාහ කලත් ජිමින් නිතරම හිතුවේ ජන්කුක් කැමති එහෙනම් ටේහ්යුංට කියලයි... ජන්කුක් හැමවෙලේම ටේහ්යුං ගැන කියවන නිසා එයා එහෙම හිතුවා...

ඉතින් ඔය කියන දුකත් හිතේ තියෙද්දී තරගයේ ටේහ්යුං අර විදිහට පිස්සු නටද්දී ජිමින්ට ගොඩක් තරහා යන එක සාධාරණයි එහෙම නේ... ඒ දෙන්නම හිතුවේ ජන්කුක් කැමති එයාලට නෙවෙයි අනිත් කෙනාටයි කියලා... ඒත් ජන්කුක් ඕන උනේ ඒ දෙන්නමයි ඒත් එයාලට ජන්කුක් එයාලට තේරුම් කරපු දේ හරියටම තේරුනේ නෑ කිව්වොත් හරී...

MY TOPS|VMK|✔Where stories live. Discover now