-Chapter 9-

977 230 19
                                    

"ජිමින් අපි අනිවාර්යෙන්ම ඊගාව මැච් එක වින් කරන්නම ඕනා.. ඒක බැරි උනොත් අපිට national එකට ප්ලේ කරන්න බෑ ඕකේ..."

ජිමින්ට එයාලගේ ෆුට්බෝල් කෝච් උපදෙස් දෙද්දී ජිමින් ඔලුව පහත් කරං අහගෙන උන්නා... මේක වින් කරන්නම ඕන උනේ එයාලා අවසානෙට තිබුණු මැච් එක පරාද උන නිසයි... ඒකට ලොකු හේතුවක් තිබුණත් ජිමින් ඒක නොසලකා හැරියා...

"ජිමින් ඔයාට පුලුවන් ටීම් එක චේන්ජ් කරන්න ඉතින්-"

"මට විශ්වාසයි මේ මැච් එක අපි වින් කරනවා සහ අපි national ප්ලේ කරනවා..."

ජිමින් ස්තීරව කිව්වාම කෝච් එයාගේ පිටට තට්ටු කරලා දාලා එතනින් ගියා... කෝච් කියන්න උත්සාහ කලේ සහ තමන් කරන්න ඕනා මොකක්ද කියලා ජිමින් දන්නවා... ඒත් ටේහ්යුං ගාවට ජිමින් බැගෑපත් වෙන්න~ නෝ ඒක කවදාවත්ම වෙන්නේ නෑ...

ජිමින් තවත් ටිකක් වෙලා ප්‍රැක්ටිස් කලා... එයාට ඕන උනා ටේහ්යුං නෑ කියලා ටීම් එකට දැනෙන්න නොදී ඉන්න... ඒත් ටේහ්යුං නැති අඩුව එයාටත් හොදටම දැනුනා...

ජිමින් ප්‍රැක්ටිස් ඉවර කරලා චේන්ජින් රූම් එකට ගියාම ජින්, නම්ජූන් දෙන්නා ආවා... ඒත් ජිමින් පුදුම උනේ නම් ඒකට නෙවෙයි එයාලා පිටි පස්සෙන් ආව අනිත් කෙනාව දැකලා... ජිමින් බාගෙට ගලව ගලව උන්න ඇදුමත් එක්ක එයා දිහා බලාගෙනම උන්නා... අවසානයේ ජිමින් හරි සිහියට ආවේ ජින්ගේ උගුර පෑදීමකටයි...

"එයාව ඔය කෑවා මදැයි, ඉක්මනට ලෑස්ති වෙලා එනවා අපිට බඩගිනී..."

"ඒත් එයා-"

ජිමින් ජන්කුක්ව පෙන්නලා ඇහුවා... යස් යස් ඒ ජන්කුක් තමයි උන්නේ... එයා කොහොමද ජින්ලත් එක්ක ඉන්නේ? ජිමින්ගේ ප්‍රශ්ණය සාධාරණයි...

"ඔහ් එයා අපේ නිව් මෙම්බර්... ඔයා අද ලෑස්ති වෙනවද නැත්නම් හෙටට ඕක කල් දානවද?"

ජිමින් ජන්කුක් දිහා බලාගෙන ඉන්න විදිහ දැකපු ජින් එහෙම විහිලු කරාම කවදාවත් නැතුව බාගෙට ගලවපු ඇදුම ආපහු දාගත්ත ජිමින් ඇදුනුත් අරගෙන වොශ්රූම් එක පැත්තට ගියා... ජින් නම්ජූන් දෙන්නා මූණට මූණ බලං ඊලගට ජන්කුක් දිහා බැලුවා... හරී ජන්කුක්ගේ කම්මුල් රතු වෙලා ගිහින් තිබුණා...










MY TOPS|VMK|✔Where stories live. Discover now