-Chapter 30-

922 227 71
                                    

"ඇත්තටම එයා එහෙම කරන කෙනෙක්ද ටේහ්යුං?"

ජිමින් ටේහ්යුංගේ පැත්තට හැරිලා ඇහුවාම ටේහ්යුං තරහටම ශීට් එකට ගැහුවා... තරහව පිට කරගන්න විදිහක් නැති කමට කාර් එකෙන් බැස්ස ටේහ්යුං කාර් එකේ රෝදෙට හයියෙන් ගහගෙන ගහගෙන ගියේ ඇතුලේ ඉදන් උන්න ජිමින් කලකිරීමෙන් බලාගෙන ඉද්දීමයි...

"ආශ්..."

ටේහ්යුං තරහෙන් තවත් පාරක් කාර් රෝදෙට ගහලා ආපහු ඇතුලට ආවේ ටිකක් විතර කේන්තිය අඩු උන නිසයි...

"ඔයාට වෙන දෙයක් ගැන කතා කරන්න පුලුවන්ද?"

ටේහ්යුං ගොඩක් කාරුණික විදිහට ජිමින්ගෙන් ඇහුවත් ජිමින් ඔලුව හොල්ලලා 'බෑ' කියලා කිව්වා...

"මට එයා ගැන හිතන්නේ නැතුව ඉන්න බෑ... ඔයාට තරහා ගියාට මං ගොඩක් දුකින් ඉන්නේ... මං මේ ලෝකෙන් මගේ දෙමව්පියන්ට පස්සේ ගොඩක් ආදරය කරපු කෙනෙක් උන්නා... ඒත් එයත් කිසිම හේතුවක් නැතුවම මගෙන් ඈත් උනා... දැන් මට තවත් කෙනෙක් ගැන ආදරයක් හිතුනා මං හිතුවා එයාවත් මං ගාව ඉදී කියලා... ඒත් උනේ හිතුවේ නැති දෙයක් නේද? එයා හොදින්ද කියලා බලන්න හොරෙන් ගෙදරටත් පැන්නට පස්සේ එයා තවත් කෙනෙක් එක්ක සෙක්ස් කරනවා ඇස් දෙකටම දකින්නයි මට සිද්ධ උනේ... මට ආපහු පාරක් කෙනෙක් නැති උනා එහෙනම්"

ජිමින් ගොඩක් දුකෙන් හිනා උනා... එයාගේ හිනාව ඇත්තටම ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්නවා කියන එක පෙන්නනවා... ටේහ්යුං ඒකමයි ජිමින් දිහා බැලුවේ නැත්තේ... එහෙම උනානම් ආඩම්බරකාර ටේහ්යුං අද අඩනවා ජිමින්ට දැකගන්න තිබුණා...

"එයාව ඔයාට හම්බුනත් මට කිසිම දුකක් නෑ... මොකද මං දන්නවා අනිවාර්යෙන්ම ඔයා එයාව මටත් වඩා හොදට ආරක්ෂා කරනවා කියලා... එහෙනම් දවසක් අඩලා ඊගාව දවසේ ආපහු පරණ තත්වෙටම එන්න තිබුණා... ඒත් ඒ ඔයාවත් මංවත් නෙවෙයි එහෙම වෙද්දී හිත හදාගන්න ගොඩක් අමාරුයි ටේටේ"

ටේහ්යුං ජිමින් දිහා බැලුවා මොකද අවුරුදු ගානකට පස්සේ එයා ටේහ්යුංට 'ටේටේ' කියලා කතා කරා... ජිමින්ගේ ඇස් වල කදුලු පිරිලා තියෙනවා දැක්ක ටේහ්යුංට ලොකු අසරණකමක් දැනුනා... ජිමින් ගැන නෙවෙයි එයා ගැනමයි... මොකක්ද එයාලා මේ කරන්නේ? එක කොල්ලෙක් වෙනුවෙන් කාර් එකක් ඇතුලට වෙලා අඬනවා...

MY TOPS|VMK|✔Where stories live. Discover now