-Chapter 40-

1.1K 240 50
                                    

"ඔහේ කියන්නේ අපි හොරෙන් යමු කියලද? ජින්ට අහු උනොත් හා පැටියගේ රවුම් පුප දකින්නත් කලින් මැරෙන්නයි වෙන්නේ..."

ටේහ්යුං මේ කන්කෙදිරි ගාන්නේ ජිමින් ගෙනාව අනර්ඝ ප්ලෑන් එකට... ජන්කුක්ගේ ගෙදරට එදා පනිද්දී හා කියපු හාදයා අද මේ හීන් දාඩියත් දාගෙන බෑ කියන්නේ කිව්වත් වගේ ජින්ට අහු උනොත් සුර ලොව තමයි කියලා හොදාකාරවම දන්න නිසා... ජිමින්ටත් ඔය බය ඔය විදිහටම දැනුනා ඒත් එයාව ජින්ගේ හොදම යාලුවා නිසා මරන්නේ නැතුව අතාරී කියලා හිතුවා...

"තමුසෙ බයද?"

"ඇත්තම කිව්වොත් මං ජින්ට බයයි... එයා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ටත් අල්ලන් තඩිබානවා මං දැකලා තියේ ඉතින් මං ගැන කවර කතාද? මේ තුවාල මෙහෙමම තිබ්බත් මට නම් බෑ ඔය ගේ ඇතුලට යන්න"

ටේහ්යුං එකහෙලා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලා... එයා ජින්ගේ ගෙදර දකිනකං ගැම්මෙන් ආවා හැබැයි ජින්ගේ ගෙදර දැක්ක හැටියේ ගැම්මේ හුලං ගියා... ටේහ්යුංට අනුව ඒ ගෙදර වදකාගාරයක්~

"ඔයා එහෙට ගියේ දවසක් ජින් මුකුත් කිව්වේ නෑනේ..."

"එදා වෙරිනේ අනික ඒකටත් අල්ලං අද ගැහුවොත්..."

"වෙරි- ඔහ් එහෙනම් මෙහෙම කරමු"

ජිමින් ටේහ්යුංට එයාට බල්බ් එකක් පත්තුවෙලා කිව්ව ප්ලෑන් එක කිව්වා... ජන්කුක්ව බලන්න ඕනා කියන නිසා ටිකක් සාර්ථක ඒ ප්ලෑන් එකට නම් ටේහ්යුං ඒකට කැමති උනා...

"එහෙනම් මං එකයි දෙකයි තුනයි කියනවා එතකොට වැඩේ පටන් ගමු..."

ජිමින් එහෙම කියලා හොද හුස්මක් ගද්දී ටේහ්යුං වැඩේට ලෑස්ති උනා... ඔන්න ජිමින් ගනන් කරන්නයි යන්නේ...

"එකයි"

ජිමින් කිව්වා...

"දෙකයි"

ජිමින් කිව්වා...

"තුනයි..."

ජින් කිව්වා... ඒත් එක්කම ඒ දෙන්නා බීපු දෙන්නෙක් වගේ වෙරි මතේ හැංගිලා උන්න තැනින් නැගිටලා ඉස්සරහට ඇවිදගෙන ගියා... හැබැයි අඩි දෙක තුනක් යනකං හොදට ගියත් තමන් නෙවෙයි නේ 'තුනයි' කිව්වේ කියලා තේරුන ජිමින් පිටි පස්ස බැලුවා... හැබැයි ඒක ගානක් නොවුන ටේහ්යුං යස අගේට සිරා බීපු එකෙක් වගේ වැනි වැනී තාමත් ගේ පැත්තට යනවා... ජිමින් නම් පිටි පස්සේ උන්න දෙන්නට ගොබ්බ හිනාවක් දාලා ඔලුවත් පහලට නවාගෙන එතනම ඉන්නවා...

MY TOPS|VMK|✔Where stories live. Discover now