-Chapter 14-

896 211 29
                                    

යූරාගේ දරුණු තර්ජනයත් එක්ක ඇති උනු කලකිරීම නිසා ජන්කුක් හුගක් ෂොක් එකක උන්නේ... එයාට එයාගේ ජීවිතය දැන් ගොඩක් එපා වෙලා ගිහින් තිබුණා... අනිත් අයට ඕන විදිහට ගුටි කාලා, කැත නම් අහගෙන, අනිත් අයට යටත් වෙලා ජන්කුක්ට ඇති වෙලා තිබුණා... ඒත් ජන්කුක් කියන්නේ හිතින් වගේම ගතිනුත් ඒ තරම් ලොකු ශක්තිමත් කෙනෙක් නෙවෙයි... එයාට ඕනකමක් තිබුණත් එයාට ඒ දේ කරන්න බැරි නිසා ගොඩක් අසරණ උනා... ජන්කුක් හැමදාම කලේ ඉවසන එක එයා කවදාවත් සටන් කරලා නෑ, කරන්න පුරුදුත් නෑ... ජන්කුක් එදා දවසම එයාගේ කාමරේට වෙලා අඩන ගමන් උන්නේ... යූරගේ වචන 'හිගන කොල්ලා' ජන්කුක්ට ඒක ගොඩක් තදින් රිදෙන්න ගත්තා... ඒත් ජන්කුක් එහෙම කෙනෙක්ද?

ගොඩක් රෑ වෙලත් ජන්කුක්ට නිදිමතක් තිබුණේ නෑ... ගේ ඇතුලෙන් එයාට එක එක වෙලාවට එක එක අය කතා කරන සද්ධ ඇහුණත් එයා ඒවට කන් නොදී ඉන්න උත්සාහ කලා... අප්පා, යූරා, ජීහාන් තුන් දෙනාම මේ වෙලාවේ ගෙදර ඉන්නවා කියලා කටහඩ වලින් ජන්කුක් දැනගෙන උන්නා... එයාලට අද රෑට ෆ්ලයට් එක... ජන්කුක් ප්‍රාර්ථනා කලා එයාලා නැති දවස් ටිකේවත් එයාට නිදහසක් ලැබෙන්න කියලා, අද දවසේ යුනිවර්සිටි උන්නා වගේ ඉන්න ලැබෙන්න කියලා...

අවසානයේ ජන්කුක්ට ඇහුනා එයාලා යන සද්දේ... ජන්කුක් අහගෙන උන්නා සහ මේ වෙද්දී ගෙදර ගොඩක් නිස්කලංක වෙලා තිබුණා... ජන්කුක් අනුමාන කලා එයාලා හැමෝම ගිහින් කියලා... හැබැයි ඒක වැඩි වෙලා තිබුණේ නෑ ජන්කුක්ට ඇහුනා එයාගේ දොරට කවුරුහරි තට්ටු කරනවා...

"බේබි මේ මං..."

ජන්කුක් ජීහාන්ගේ කටහඩත් එක්ක එයාගේ කකුල් දෙක උඩට අරගෙන තවත් ඇදේ ගුලි උනා... අප්පගෙන ගුටි කාලා, යූරගෙන් එක එක දේවල් අහලා තවත් නම් අද දවසට ජන්කුක්ට තවත් දේවල් දරාගන්න පුලුවන්කමක් තිබුණේ නෑ... එයා ජීහාන් ඇතුලට එනවත් එක්කම ඉකි ගගහා අඩන්න පටන් ගත්තා...

"බේබී... ඔ-ඔයා ඇයි අඩන්නේ? ඔයාට අසනීපයක්ද? නැත්නම් ඔ-ඔයාට කොහේ හරි තුවාලයක් උනාද? ඒක රිදෙනවද?"

ජීහාන් කලබලෙන් ඇවිත් ජන්කුක්ගෙන් ප්‍රශ්ණ කලත් ජන්කුක් උත්තරයක් නොදී අඩන්න ගත්තා...

MY TOPS|VMK|✔Where stories live. Discover now