-Chapter 12-

933 222 19
                                    

ජන්කුක් අද යුනිවර්සිටි ආවේ ගොඩක් සතුටින්... ඒකට හේතු කිහිපයක්ම තිබුණා... එයාට ගොඩක්ම සතුටු වෙන්න තියෙන කාරණාව තමයි එයාගේ අප්පා, එතකොට කුඩම්මා ඒ වගේම ජීහාන් හියුන් තුන් දෙනාම බිස්නස් ට්‍රිප් එකකට ජපන් යනවා කියන එක... ජන්කුක්ට මෙහෙම අවස්ථාවක් ලැබිලාම නෑ... මොකද ගොඩක් වෙලාවට ඒ වගේ ගමන් ගියේ අප්පා විතරයිනේ... ඒත් මේ සැරේ එයාට ජීහාන්වත්, යූරාවත් එක්කන් යන්න සිද්ධ උනා... ඉතින් ඒක තමයි ජන්කුක් අහපු හොදම නිවුස් එක... එයාට ඒක කිව්වා නෑ එයාට ඒක හොරෙන් වගේ ඇහුනා... ජීහාන් එවෙලේ අප්පා එක්ක එයාට නවතින්න ඕනා කිව්වත් මේ වැඩේට එයාව ගොඩක් ඕන නිසාම එයාටත් යන්න උනා... ජන්කුක්ට තවත් සතුටක් ඕනද? ජන්කුක් යුනිවර්සිටි එකට ඇතුල් උනේ වෙනදා නැති සතුටකින්... වෙනදට හැමෝගෙන්ම හැංගිලා උන්න ජන්කුක්, වෙනදට හැමෝටම හොරෙන් ඇතුලට ගියපු ජන්කුක්, වෙනදට හිනා නොවුනු ජන්කුක් අද ගොඩක් සතුටින්, හිනාවෙලා යුනිවර්සිටි එකට ඇතුල් උනා... එයාට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා... කාලෙකට පස්සේ එයා නිදහස් උනා වගේ හැගීමක්!!!

ජන්කුක්ට සතුටු වෙන්න තවත් දේවල් තිබුණා... එයාට දැන් ඔම්මා වගේ ආදරෙන් කතා කරන්න ආන්ටිලා දෙන්නෙකුත් ඉන්නවා... ජන්කුක්ට හිතුනේ එයා හීනෙකවත් ඉන්නවද කියලා... හැම දෙයක්ම ගොඩක් පුදුම විදිහට ජන්කුක්ට ලැබෙන්න අරං තිබුණා... කලින් කිසිම දෙයක් නැති ජන්කුක්ට, අප්පගේ බැනුම් විතරක් ඉතුරු උන ජන්කුක්ට, අප්පගෙන් ගුටි කාලා කැත නම් අහගත්ත ජන්කුක්ට, වේල් 3 හරියට කන්න බැරි උන ජන්කුක්ට, යාලුවෙක් උන්නේ නැති තනිවෙලා උන්න ජන්කුක්ට හැම දෙයක්ම අනිත් පැත්ත ගහලා වගේ ලැබෙන්න අරං තිබුණා...

ඒකයි කියන්නේ අමාරු කාලයකට පස්සේ හොද කාලයක් එනවා කියලා ජීවිතයට... ජන්කුක් එයාගේ අමාරු කාලේ කොච්චර අමාරු උනත් දරාගත්තා දැන් එයා එයාගේ හොද කාලේ ගෙවන්න පටන් ගන්නයි තියෙන්නේ...

"කුකී..."

ජන්කුක් යුනිවර්සිටි එකේ කොරිඩෝව දිගේ ඇවිදගෙන එයාගේ ලෙක්චර් තියෙන හෝල් එකට ගියා... මොන සතුටක් තිබුණත් ලෙක්චර් මග ඇරගන්න බෑනේ... ඒත් ජන්කුක්ට ඇහුනා කෙනෙක් කතා කරනවා ඒ වගේම ඒ කවුද කියලත් එයා දන්නවා...

MY TOPS|VMK|✔Where stories live. Discover now